පසුගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අද (05) වව්නියාවේදී පැවති ජන...
පසුගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අද (05) වව්නියාවේදී පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“මම ජනාධිපති වෙන්නට පෙර කොයි තරම් අතුරුදහන් වුනාද උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් අතුරුදහන් වුනා යුද්දෙන් පස්සෙත් ඒ දේවල් එහෙමම තිබුනා. සුදු වෑන් වලින් කොයි තරම් අතුරුදහන් කරාද ඒ අයට වෙච්ච දෙයක් නැහැ. මාධ්‍යවේදීන් මහපාරේ වෙඩි තියලා ඝාතනය කලා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. නමුත් මම ජනාධිපති වෙලා වසර 03 ක් වෙනවා. ඒ කිසිම අතුරුදහන් වීමක්වත් කිසිම සිදුවීමක්වත් නැහැ. රාජපක්ෂ ආණ්ඩුවේදී කොයි තරම් හොරු කොයි තරම් හිටියද කියල ඔබ දන්නවා. දැන් ඔය අලුත් පක්ෂයක් හදන් ආවත් ඔය ඔක්කම හොරු. මහ බැංකුවේ සල්ලි හොරකම් කරල තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිශ්චයකාර තුමාල කොමිෂමේ නිර්දේශ කරල තියනවා. ඒ නිසා ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි මගෙන් කිසිම සමාවක් නැහැ. පසුගියදා මිහින් ලංකා එකේ සිදු වුනු කෝටි ගාණක මහ පරිමාණ මුදල් වංචාව හොයන්නත් මම ජනාධිපති කොමිෂමක් පත් කරල තියෙන්නේ.”
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS