එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධ ගැටළුව විසඳා ගැනීම සඳහා පෙරේදා (10) පැවති රනිල් - සජිත් සාකච්ඡාවේදී එළඹුණු එකඟත...
රාජිත සේනාරත්න මහතා සමඟ එජාප සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා සහ මංගල සමරවීර මහතා ද ඊට සහභාගී වූහ.
එහිදී සජිත් පාර්ශ්වය විසින් මෙතෙක් සිදු කරන ලද ජනමත සමීක්ෂණ වාර්තා ඇතුළු සියලු සංඛ්‍යාලේඛන මලික් සමරවික්‍රම මහතා විසින් රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබිණි.
ඉන් අනතුරුව සාකච්ඡාව අරඹමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ "ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වෙන්න ඕනෙ කියලා මමත් 2018දී කිව්වා තමයි. ඒත් මේ වෙනකොට දේශපාලන යතාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි හැමවෙලේම ගම්මට්ටමේ, බිම්මට්ටමේ ජනතාව අතරට යන නිසා අපට තේරෙනවා ඒ අය ඉල්ලන්නෙ කවුද කියලා. ඒකයි අපි සජිත්ට වැඩ කරන්නේ.
මෙතන වඩාත්ම භයානක දේ වෙන්නේ අත්හදාබැලීම් කරන්න වෙලාවක් නැති එකයි. අපි පැරදුණොත් පරදින්නෙ ටර්මිනේටර් කෙනෙකුට. ඒක නිසා ගහන තුරුම්පුව හරියටම ගහන්න වෙනවා.
අපි ඔක්කොම සමාලෝචනය කරලා සජිත්ව අපේක්ෂකයා කරන්න මේ සතිඅන්තය වෙද්දී තීන්දුවක් ගමු" යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා "සජිත් තනියම එනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒත් එක එක්කෙනා සජිත්ව ඒ ඒ අයට අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. අපට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඔයාලට තේරෙනවානෙ මම කියන එක.
සජිත්ව පාවිච්චි කරන අයගෙන් ඔයාලා දෙන්නටත් පහුගිය කාලෙ ලොකුවටම ප්‍රශ්න තිබුණා, මතකයිනෙ. එහෙම තියෙද්දියි දැන් ඔයාලා එයාලා එක්ක එක කඳවුරක ඉන්නෙ.
සජිත් කියන්නෙ ස්වාධීන චරිතයක් නෙවෙයි. එයාගෙ හිත හොඳකම නිසා එක එක්කෙනාට පාවිච්චි වෙනවා. එහෙම කොහොමද නායකයෙක් වෙන්නෙ. ඔයාලා දන්නවානෙ මං මේ කියන්නෙ කවුරු ගැනද කියලා ? අපට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි" ලෙසින් ප්‍රකාශ කර තිබිණි. ඊට මලික් හෝ මංගල කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැත.
මේ ආකාරයෙන් සුහදව පැවති සාකච්ඡාව අවසානයේ තිදෙනා දිවා භෝජනය ද රැගෙන පළමු වටය අවසන් කර ඇත.
මින් ඉදිරියට දිනපතා මේ අයුරින් සාකච්ඡා පැවැත්වීමටයි දෙපාර්ශ්වය එකඟ වී ඇත්තේ.
COMMENTS