පසුගියදා පැවති කොදෙව් - එංගලන්ත තෙවැනි එක්දින තරගයේදී සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත හෙළි කරමින් ස්ටෝක්ස් පිත්තෙන් ලකුණු 73 ක් ද ලබාගැනීමට ...
පසුගියදා පැවති කොදෙව් - එංගලන්ත තෙවැනි එක්දින තරගයේදී සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත හෙළි කරමින් ස්ටෝක්ස් පිත්තෙන් ලකුණු 73 ක් ද ලබාගැනීමට සමත් විය.
මේ අතර එංගලන්ත ක්‍රිකට් ආයතය පවසන්නේ බෙන් ස්ටෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස් හෙට පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය සඳහා සහභාගි වන කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි. එංගලන්ත එක්දින කණ්ඩායම මේ වනවිට ලන්ඩන් නගරයට පැමිණ ඇති අතර හේල්ස් සහ ස්ටෝක්ස් පොලිස් පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බැවින් තවදුරටත් බ්‍රිස්ටල්හි රැඳී සිටී.
අළු බඳුන කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ටෙස්ට් සංචිතය නම්කිරීමට පැය 24 කටත් වඩා අඩු කාලයක් තිබියදී මෙම සිදුවීම වාර්තා වන අතර ටෙස්ට් කණ්ඩායමේ උපනායකයාද වන ස්ටෝක්ස්ට මින් කුමන බලපෑමක් සිදුවේද යන්න තවමත් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් ඔහුට හේල්ස්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වනවිටත් තීරණය කර තිබේ.
එංගලන්ත එක්දින නායක ඔයින් මෝර්ගන් පවසන්නේ ඔවුන් දෙදෙනා නොමැතිවීම කණ්ඩායමට බලවත් පාඩුවක් බවයි. එහෙත් කොදෙව් කණ්ඩායමට එරෙහිව හොඳින් මුහුණ දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත නායකයා පවසයි.
COMMENTS