දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
BBS පාස්කු ප්‍රහාරයට බෝම්බ දුන්නැයි ඔත්තු සේවාවක් ඔත්තුවක් දීලා !
Homeප්‍රවෘත්ති

BBS පාස්කු ප්‍රහාරයට බෝම්බ දුන්නැයි ඔත්තු සේවාවක් ඔත්තුවක් දීලා !

PropellerAds

පා ස්කු දින ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සපයා දීමට බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා සහ එහි මාධ්‍ය නිලධාරීවරයා ...

මහනුවර ඇසළ පෙරහැරේ දෙවන රන්දෝලි පෙරහැර
යුද හමුදාපති මහ නාහිමිවරුන් හමුවෙයි
පළමු ගල ගැසීමේ සුදුස්සා කවුද?
පාස්කු දින ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සපයා දීමට බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා සහ එහි මාධ්‍ය නිලධාරීවරයා සම්බන්ධ බවට ජාත්‍යන්තර රහස් ඔත්තු සේවයක් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලද රහස් තොරතුරක් සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා බොදු බල සේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සංවිධානය අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ මෙම තොරතුර පාස්කු ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව එකී රහස් ඔත්තු සේවය විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අංශයක් වෙත ලබා දී ඇති බවයි.‍

ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අංශ ‘බොදු බල සේනා’ එවැනි ක්‍රියාවක් සිදු කර නොමැති බවට තීරණය කර එය නොසලකා හැර තිබුණත්, අදාළ රහස් ඔත්තු සේවය විසින් එම තොරතුර ලොව පුරා බෙදා හරිනු ලැබ ඇති බැවින් එම සංවිධානයට හා සිද්ධියට සම්බන්ධ බව කියන තැනැත්තන්ට මේ වනවිට ජාත්‍යන්තරව දැඩි අපහසුතාවයක් එල්ල වෙමින් තිබෙන බව දිලන්ත විතානගේ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව බොදු බල සේනා සංවිධානය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට එරෙහිව සිදු කර ඇති චෝදනාව ඉතා බරපතල චෝදනාවක් බැවින් අදාළ රහස් ඔත්තු සේවා තොරතුර බෙදාහැරීම සිදු වූ ආකාරය සහ එය සහ පාස්කු ප්‍රහාරය අතර ඇත්තේ කිනම් සබඳතාවක් දැයි පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

විතානගේ මහතා මේ සම්බන්ධයෙන් පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදී ද මීට පෙර හෙළිදරවු කර තිබිණි.

අදාළ පැමිණිල්ල පහතින් දැක්වේ.

පොලිස්පතිතුමා
පොලිස් මූලස්ථානය
කොළඹ 01

පොලිස්පතිතුමනි,

විෂය: ශ්‍රී ලංකාවේ කොළඹ දී හා මඩකලපුවේ දී 2019 අප්‍රියෙල් මස 21 දින සිදු වූ මහා භයානක මිනීමරු ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරවලට ‘බොදු බල සේනා’ සම්බන්ධ කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පිළිබඳ පැමිණිලි කිරීම.

‘බොදු බල සේනා’ මහ ලේකම් හා ‘බොදු ජන පෙරමුණේ’ නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි විසින් උසාවිය තුළ මහේස්ත්‍රාත්වරයා සමග ප්‍රසිද්ධියේ කරනු ලැබූ සංවාදයක්, තේරුම් ගැනීමේ ගැටලුවක් නිසා උසාවියට කළ අපහාසයක් බවට පත්කර, වසර 19ක සිරගත කිරීමක් වැනි බරපතල වූ දැඩි දඬුවමකට ලක්කර, එය වසර 6කින් ගෙවීයන ලෙස දඩුවම් ලබා දී, වසරක් ගත වන්නට පෙර ‘ඉස්ලාමික රාජ්‍යය’ (IS) ත්‍රස්ථවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් අපේ රටට එල්ල කරනු ලැබීය.

‘බොදු බල සේනා’ විසින් 2012 සිට මෙම තර්ජනය පිළිබඳ දිගින් දිගටම හෙලිදරව් කරන ලදී. එහි දී ඇතැම් ජාත්‍යන්තර බලවේග හා මෙරට යම් යම් බලවේග එක්ව මෙම තර්ජන නොසලකා හරිමින් ‘බොදු බල සේනා’ හා එහි නායකයන්, වර්ගවාදීන් හා ත්‍රස්තවාදීන්
ලෙස ලේබල් කරමින් පළිගැනීමට පමණක් කටයුතු කළහ. මෙහි දී සමහර ජාතිමාමක බලවේග පවා නොදැනුවත්කමින් හෝ ඔවුන්ගේ මෙම ‘අල්-ටකියාව’ ට යටවී ‘බොදු බල සේනා’ විරෝධී පෙරමුණට සහය දැක්වමින් කටයුතු කළ බව ද කණගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුය.

අප්‍රියෙල් මස 21 දින සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සතියකට පමණ පසු ලොව සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ඔත්තු සේවයක් විසින් එම ප්‍රහාරයට ‘බොදු බල සේනා’ සංවිධානයේ සම්බන්ධතාවක් ඇති බව නිල වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට දන්වනු
ලැබ තිබේ. ඒ පිළිබඳ වූ විශ්වසනීය තොරතුරු අපගේ සංවිධානයට දැනගන්නට ලැබීම මහත් වූ භාග්‍යයක් කොට සලකමු.

අදාළ ඔත්තු සේවය විසින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු රාජ්‍ය ආරක්ෂක අංශ වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ සහ මඩකලපුව ප්‍රදේශයන්හි අප්‍රියෙල් 21දා සිදු කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සපයා දීමේ දී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි හා බොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් දිලන්ත විතානගේ හා එහි මාධ්‍ය නිලධාරි එරන්ද නවරත්න යන අය යම් භූමිකාවක් සහිත සම්බන්දතාවයක් තිබෙන බවට තොරතුරු ඔවුන්ගේ ඔත්තු සේවය සතු බවයි.

මෙම තොරතුර එකී ඔත්තු සේවය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙනු ලැබ තිබුණේ 2019 මැයි මස මුල් සතියේ වන අතර ඒ වනවිට මෙම ප්‍රහාරය පිළිබඳ රට තුළ දැඩි උද්වේගකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණු බව ද සැලකිය යුතුය.

මෙවැනි තත්ත්වයක් තුළ එම ඔත්තු සේවා තොරතුරු මත පදනම්ව අදාළ රාජ්‍ය ආරක්ෂක අංශ කටයුතු කළේ නම් පළමුව සිදුවන්නට තිබුණේ එකී ‘බොදු බල සේනා’ සාමාජිකයන් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම ය. එසේ සිදු වී නම්, සැබෑ ත්‍රස්තවාදීන් සෙවීමේ කටයුතු වෙනත් මාවතකට යෑමට ඉඩ තිබුණු අතර, බොහෝ විට අදාළ සැකකරුවන්ට රට හැර යෑමට ද ඉඩ තිබිණි.

එපමණක් ද නොව, අදාළ සිද්ධියට ජනමාධ්‍ය මඟින් ලැබෙන පුළුල් ප්‍රචාරය හේතුවෙන් ‘බොදු බල සේනා’ සංවිධානය පිළිබඳ රට තුළ ඇතිවන මහාත් වූ කලකිරීම හේතුවෙන් අදාළ සාමාජිකයන් දෙදෙනාට පමණක් නොව ඔවුන්ගේ අඹු දරුවන්, ඥාතීන්ට හා දේපළවලට පවා නිකරුණේ කලහකාරීන්ගේ ප්‍රහාරවලට ලක්වන්නට ඉඩ තිබිණි.

දෙවනුව සිදුවිය හැකිව තිබුනේ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සමග ‘බොදු බල සේනා’ සම්බන්ධ වී ඇති බව රටට හා ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත්වීමයි. එමඟින් ත්‍රස්තවාදීන් පිළිබඳ සෙවීම යටපත් වී ඒ වෙනුවට අපි නොසිතන සම්පූර්ණයෙන්ම වෙනස් වූ තත්ත්වයක් ඇති වන්නට ඉඩ තිබිණි.

මෙහි දී සිදුවිය හැකිව තිබූ ඊළඟ ප්‍රධාන සිදුවීම වන්නේ ඤාණසාර හිමි හා ‘බොදු බල සේනා’ වසර 7ක් තිස්සේ ඉස්ලාමික ත්‍රස්තවාදය පිළිබද හෙළිදරවු කළ කරුණු.නිසා උන්වහන්සේට හා ‘බොදු බල සේනාව’ට ලැබුණු කීර්තිය හා ජනප්‍රියත්වය වෙනුවට ඤාණසාර
හිමි නිදහස් කිරීමට ලැබුනු අවස්ථාවද අහිමිව යෑමයි. අනතුරුව ‘බොදු බල සේනාවේ’ සෙසු ප්‍රධනීන් ද අත්අඩංගුවට ගැනීමෙන් පසු බොදු බල සේනාව රටින් අතුගා දැමීමට ද ඉඩ තිබිණි.

ඉන් අනතුරුව සිදුවිය හැකිව තිබුණේ, කතෝලික පිරිස් හා බෞද්ධ පිරිස් අතර ගැටුම් නිර්මාණයවීම.දෙමළ ප්‍රජාව ද නැවත වරක් සිංහල බෞද්ධයන් යනු ත්‍රස්තයන් බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීම. බොදු බල සේනාවට විරුද්ධ දේශපාලන කණ්ඩායම්, ජනමාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ඊට එරෙහිව තව තවත් විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.

වැනි අවාසනාවන්ත සිදුවීම් ජාලයකි. මේ වනවිට පවතින පොලිස්, දේශපාලන, හා නීති ක්ෂේත්‍ර දෙස බලන කල, එයින් ද නොනැවතී, ඔවුන්ගේ උපක්‍රමශිලී භාවිත කර ඤාණසාර හිමි ලෙසම මෙම ‘බොදු බල සේනා’ සාමාජිකයන් දෙදෙනාට එරෙහිව ද අභූත චෝදනා එල්ල කර, බොරු සාක්ෂි ඉදිරිපත් කර, ඔවුන් දෙදෙනා ද අධිකරණය මඟින් වැරැදිකරුවන් කිරීමට ඉඩ තිබිණි.

මෙම සාවද්‍ය ඔත්තු සැපයීමේ කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් ඉහත අවාසනාවන්ත තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබිණි. ‘ස්වභාවික යුක්තිය’ විසින් මෙම කුමන්ත්‍රණය මෙහි දී පරාජය කළ ද එය පූර්ණ ලෙස තවමත් අවසන් වී නොමැති බව අපගේ විශ්වාසයයි.

වාසනාවකට මෙන් මෙම ජාත්‍යන්තර ඔත්තු සේවා තොරතුරු ලැබුණු පසු ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් එකී තොරතුරු සාවද්‍ය හා පදනම් විරහිත බව තේරුම් ගැනීම නිසා ඉහත සිදුවිය හැකිව තිබුණු සියලු දේ වෙනස් විය.

එහෙත් මෙම ජාත්‍යන්තර ඔත්තු සේවා ජාලය විසින් මෙම තොරතුරු වෙනත් පාර්ශ්ව සමග හුවමාරු කර ගැනීම නිසා ‘බොදු බල සේනා’ නායකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවලට මේ වනවිටත් යම් යම් බලපෑම් ඇති වෙමින් පවතින බව පෙන්වා
දියයුතුය.

මෙම තත්ත්වය දෙස බලද්දී මෙකී ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් ලබා දෙනු ලබන තොරතුරුවල නිරවද්‍යතාව හා විශ්වසනීයත්වය පිළිබඳ මෙන් ම ඔවුන්ගේ ඔත්තුකරුවන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ඇති භයානකත්වය බොදු බල සේනා සංවිධනය ලෙස අපි අවධාරණය කර සිටිමු.

කෙසේ වෙතත්, මෙම සාවද්‍ය ඔත්තු සේවා තොරතුරු හා ඒවා විවිධ පාර්ශ්ව අතර හුවමාරු වීම තුළ ‘බොදු බල සේනා’ නායකයන් හා නිළධාරින් පිළිබඳ ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙනුත් වැරැදි අවබෝධයක් ඇතිවිය හැකි බව ඉතා පැහැදිළිය. ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විදේශ ගමන්වල දී පවා මෙය ගැටලුවක් වීමට ඉඩ ඇත.

‘බොදු බල සේනා’ නායකයන් පිළිබඳ මෙවැනි සාවද්‍ය තොරතුරු හුවමාරු වීම ඔවුන්ගේ ‘මානව අයිතිවාසිකම්’ ජාත්‍යන්තරව උල්ලංඝනය වීමක් බව අපගේ පිළිගැනීමයි.

මෙම සාවද්‍ය ඔත්තු සේවා තොරතුරු නිසා නිසා බොදු බල සේනා නායකයන්ට ජාතික වශයෙන් එල්ල වන බලපෑම් අවම වුවද ඊට අමතරව ජාත්‍යන්තර බලපෑම්ද ඇති විය හැකි බැවින් මොවුන්ගේ නිවැරැදි හා පිරිසිදු බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම කුමන්ත්‍රණකාරී
ඔත්තු සැපයීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සහ අදාළ වගකිවයුතු පාර්ශ්වවලින් ‘බොදු බල සේනා’ හා ‘බොදු ජන පෙරමුණ’ මෙම ලිඛිත පැමිණිල්ල මගින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිමු.

ඒ අනුව මේ පිලිබඳ ශ්‍රී ලංකා රජ්‍යය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර රජ්‍යයන් ද දැනුවත් කිරීමට ‘බොදු බල සේනා’ හා ‘බොදු ජන පෙරමුණ’ විසින් කටයුතු කර මේ පුද්ගලයන් දෙදෙනාගේ නිරවද්‍යතාව පැහැදිලි කිරීමට කටයුතු කරනු ඇත.

දිලන්ත විතානගේ වන මා විසින් මේ පිළිබඳ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී 2019 අගොස්තු මස (https://youtu.be/pYn5aD-4W50 ) කරුණු ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව මා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා කථානයක කරු ජයසූරිය යන මහත්වරු පෞද්ගලිකව හමු වී මේ පිළිබඳ ඔවුන් දැනුවත් කරනු ලැබූ අතර, ලිඛිතවද ඔවුන් වෙත අදාළ තොරතුරු ලබා දෙන ලදී.

මෙම ජාත්‍යන්තර රහස් ඔත්තු සේවය මගින් කරන ලද තොරතුරු දැක්වීම තුළ ඉතා භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබුන අතර එය සැබැවින්ම මෙම ප්‍රහාරය තවදුරටත් අප රට දුර්වල කිරීමට ගනු ලැබූ උත්සහයක් හෝ කුමන්ත්‍රණයක් බව බොදු බල සේනාවේ සහ බොදු ජන පෙරමුණේ අදහසයි.

මෙම ජාත්‍යන්තර ඔත්තු සේවයේ තොරතුරු ලබා දීම මඟින් මෙම ප්‍රහාරයට ‘බොදු බල සේනා සම්බන්ධ කිරීමේ අපේක්ෂාව හා පර්ලිමේන්තුවේ පාස්කු කමිටුවේදී ‘උලමා’ සංවිධානයේ ප්‍රධානියා මුස්ලිම් තරුණයන් බොදු බල සේනා නිසා 2014 න් පසු අන්තවාදයට තල්ලු වූ බවට කළ ප්‍රකාශයත් අතර යම් සම්බන්ධයක් ඇති බවද අපගේ සැකයයි.

එමනිසා ඉහත කරුණු ඉතා ඕනෑකමින් විමසා බලා මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකොට ‘පාස්කු දින ප්‍රහාරය’ පිටුපස ඇති සම්බන්ධතා සොයා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිළධාරි – බොදු බල සේනා
0773218650


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: BBS පාස්කු ප්‍රහාරයට බෝම්බ දුන්නැයි ඔත්තු සේවාවක් ඔත්තුවක් දීලා !
BBS පාස්කු ප්‍රහාරයට බෝම්බ දුන්නැයි ඔත්තු සේවාවක් ඔත්තුවක් දීලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGrDbVj27kVOr5S-V3b-v4rm3sEFeM_KJgEBgKeuTL_VVjncouY4yxMnN3OdobFJxvVrXKvdIb-mJzwGm5Sjr758QQr22zJuF355lfq2MClYpq-erus019026XvOnS-tVF2gl-TPl2dopq/s320/f4b2c737a495a7c5cf74561ce1f1ea2d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGrDbVj27kVOr5S-V3b-v4rm3sEFeM_KJgEBgKeuTL_VVjncouY4yxMnN3OdobFJxvVrXKvdIb-mJzwGm5Sjr758QQr22zJuF355lfq2MClYpq-erus019026XvOnS-tVF2gl-TPl2dopq/s72-c/f4b2c737a495a7c5cf74561ce1f1ea2d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/bbs.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/bbs.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy