යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කළත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක සාමය ස්ථාපි...
යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කළත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක සාමය ස්ථාපිත කිරීම සදහා සාම සාධක සෙබලුන් ලෙස විශාල පිරිසක් ලෝකයේ විවිධ රටවල සිට සුවිශේෂී කාර්යය භාරයක් සිදුකරන බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවන හමුදාපතිවරයා වශයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (04) මහනුවර දී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් හා මහනුවර අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී මහා නායක හිමිපාණන් වහන්සේ හමුවේ අදහස් දැක්වූ නව යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදාවන් ද පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ලක්ෂ දහසකට ආසන්න පිරිසක් මේ වන සිට රාජකාරී කරමින් සිටින බව කිවේය. ඉකුත් යුද සමයේ ඉන් 28 000ක් පමණ මරණයට පත්ව පනස් දහසක පමණ ප්‍රමාණයක් තුවාල ලැබූ බව සදහන් කළේය.
රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීම යුද හමුදාව සතු යුතුකම හා වගකීමක් වන බව කී ඒ මහතා පසුගිය සමයේදී ඔවුන් නියමිත රාජකාරියෙන් බැහැර සේවාවවන් වෙනුවෙන් යොදවා තිබුණු බව කීවේය. මේ නිසා ඔවුන්ගේ විනය පිරිහුණු බවත් ඔවුන් මෙහෙයවීම හා රැක බලා ගැනීම වෙනුවෙන් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවු බව ද කීවේය.
නමුත් වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා එවැනි යමක් සිදුවීමට ඉඩ නොතබන බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.
එමෙන්ම උතුරේ යළි ත්‍රස්තවාදයක් මතු වන බව මාධ්‍ය මගින් තොරතුරු ප්‍රචාරය වුවද එවැනි තත්ත්වයක් නොව සමාජයේ රැඩිකල් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙසේ කීවේය.
උත්සන්න වන රැඩිකල් තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැක්කේ විශ්ව විද්‍යාල සිසුන් අතරේයි. යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් 2943ක් ද මුස්ලිම් සිසුන් 400ක් පමණ සිටියත් සමස්ථයක් වශයෙන් එහිදී ඔවුන් සුළු ජාතියක් බවට පත්ව සිටිනවා. විශ්ව විද්‍යාල සිසුන් පාලනය කළ හැකි නමුත් අධ්‍යාපනයක් නොලැබු විදෙස් රටවල ඥාතීන්ගෙන් මුදල් ලැබෙන උතුරේ තරුණයන් රැඩිකල් ක්‍රමයට නැඹුරුවී සිටිනු දැකිය හැකියි.
විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලා සිටින්නේ පොදු පහසුකම් පමණයි. ඔවුන්ට මහපොල රුපියල් 5000ක මුදලක් මාසිකව ලැබෙනවා. නමුත් උතුරේ රැකියා නොකරන තරුණයන්ට ඔවුන්ගේ විදෙස් ගත ඥාතීන් මුදල් එවීම සිදුකරනවා. ඔවුන් රැඩිකල් මාවතට යොමුවී සිටින බව දැකිය හැකි යැයි යුද හමුදාපතිවරයා කීවේය.
ලෝක සාමය සුරක්ෂිත කිරීම සදහා එක්සත් ජතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා යුද හමුදාව විශාල කාර්යය භාරයක් සිදුකරනවා. එය යුද හමුදාවට එරෙහිව චෝදනා කරන සංවිධානවලට දිය හැකි හොදම පිළිතුරයි. ලෙබනන්, සුඩාන් රටවල මේ වන විට යුද හමුදා සෙබලුන් සේවය කරනවා. අප්‍රිකානු රටවල යුද සමුදා සබළියන් සේවය කරන අතර ඉදිරි නොවැම්බර් මස දී මාලේ රාජ්‍යයේ සේවය සදහා යුද හමුදා සෙබලුන් කණ්ඩායමක් පටත් වන බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.
නුවර නදීක දයා බණ්ඩාර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=bzBHZby5UKk&feature=youtu.be[/youtube]
...
COMMENTS