දැ නට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ රැස්වු පාර්ලිමේන්තු...
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපාර කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි.
සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඇමති බදියුදීන්ට සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා යයි පවසමින් මාසිකව සතොස මගින් රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදී තිබූ බැව් ද එහිදි හෙලි විය.
මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ගණනාවක්ම සම්බන්ධයෙන් විශාල දූෂණ චෝදනා එල්ල වන අතර පසුගිය දා එම අමාත්‍යාංශයට අයත් ලක්සල එනම් ශ්‍රීලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයද පසුගිය වසරේ දි පමණක් රුපියල් මිලියන 87.7 ක් බ්‍රෝකර්වරුන් වෙත ලබා දෙන ලෙස පවසමින් මහා මුදල් වංචාවක යෙදීමෙන් පවතින බැව් හෙලිදරව් විය.

COMMENTS