බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍ය යුවළක් ජීවත් වු නිවසක හදිසියේ හටගත් ගින්නකින් වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා කලුබෝවිල රෝහ...
බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍ය යුවළක් ජීවත් වු නිවසක හදිසියේ හටගත් ගින්නකින් වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි වෛද්‍යවරිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද(05) දහවල් 1.25 ට පමණ වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් පහත මාලයේ සිටි ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති බවත් වාර්තා වේ.
අනතුරුව පොලීසියට කළ දැනුම් දීමකින් අනතුරුව නාන කාමරයේ සිහිසුන්ව වැටී සිටි දරුවා සහ වෛද්‍ය යුවළ කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරිය මිය ගොස් තිබේ. අය මිය යන විට පස් මස් ගැබිනියක් ව සිට ඇතැයි ද පොලිසිය පැවසී ය.
මිය ගිය සුදර්ශි ඩයස් මහත්මිය ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක වන අතර තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අක්ෂි වෛද්‍යවරයෙකි.
මියගිය වෛද්‍යවරිය වයස අවුරුදු 37 ක් වු සෝමරත්න මාවත, බෙල්ලන්විල, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකාරියකි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS