දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Presidential
Homeප්‍රවෘත්ති

Presidential

PropellerAds

‘සහරාන්ගේ කල්ලිය’ වැනි තවත් ත්‍රස්ත කල්ලියක් ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරවා රට තුළ හදිසි තත්වයක් ඇතිකොට ඒ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය ...

විදුලි අර්බුදයට විසදුමක් - LNG බලාගාර 3කට අනුමැතිය
ETI තැන්පත්කරුවන් පිරිසක් විරෝධතාවයේ
වෙසක් පොහොය අදයි
‘සහරාන්ගේ කල්ලිය’ වැනි තවත් ත්‍රස්ත කල්ලියක් ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරවා රට තුළ හදිසි තත්වයක් ඇතිකොට ඒ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය කල් දමා, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුවක් හැදීම ඇමරිකානු එක්සත් ජනපදයේ අවසන් තුරුම්පුව වී ඇති බවත් ඒ නිසා ඉදිරි මාස කීපය ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බවත් ඒ තුරුම්පුව ඇදීමට ඇමරිකාවට ඉඩ නොදීම රටට ආදරය කරන කාගේත් වගකීම බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවති STOP USA සංවිධානයේ දෙවන සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි. එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවන්ට තම රටේදීවත් නැති වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දෙන්නයි දැන් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට බලන්නේ. ශ්‍රී ලංකාවට වීසා නැතිව එන්න, බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව ගෙන එන්න, නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසරන්න, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමට, මේ ඇමරිකන් පුරවැසියන්ට සෝෆා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉඩකඩ ලැබෙනවා.

‘ගිවිසුම් තුනකින් රට වැනසීම’

ඒ විදිහට සෝෆා ගිවිසුම අත්සන් කරගත් පසුව ශ්‍රී ලංකාව තුළ මේ ඇමෙරිකන් පුරවැසියන්ට පදිංචි වීමට අවශ්‍යයි. ආර්ථිකමය වශයෙනුත් මේ රට තමන්ගේ ග්‍රහණයට ගැනීම ඇමරිකාවේ ඊළඟ වුවමනාවයි. ඒ සඳහා තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙන එන්නේ. ඒ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳපොළ සක්‍රිය කළ යුතුයි. ඒ සඳහා ඔවුන් යෝජනා කරනවා නව ඉඩම් පනත් දෙකක් ගෙන ඒමට. එකක් තමයි ඉඩම් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත. එමගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු දෙනවා. පෞද්ගලික ඉඩම් ටික ඇමරිකානු සමාගම්වලට තුට්ටු දෙකට කොල්ල කා ගැනීමයි එහි අරමුණ. ඒ වගේම රජයේ ඉඩම් සියල්ල, රාජ්‍ය ඉඩම් බැංකු පනත යටතේ ඉඩම් බැංකුවකට පැවරෙනවා. අදාළ විෂය භාර ඇමතිවරයාගේ කැමැත්ත ඇතොත් අක්කර දහස් ගණනින් රජයේ ඉඩම් ඇමරිකානු සමාගම්වලට මිලදී ගත හැකියි.

‘ඉඩම් අක්කර 12,33,000ක්’

එක් පැත්තකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 33,000ක සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිතයි. එහි සුපිරි මහල්නිවාස සංකීර්ණ, සුපිරි වෙළඳසැල් ආදියත් විශාල වශයෙන් ඇතුළත් වෙනවා. ඒ පිළිබඳව විමසා බැලුවාම පෙනීයනවා ‘සෝෆා ගිවිසුම යටතේ එන ඇමරිකානුවන්ගේ පවුල්වලට දීර්ඝකාලීනව රැඳී සිටීමටයි මේ සුපිරි නිවාස සංකීර්ණ ඉදිවන්නේ’ කියා. ඒ වගේම ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන අක්කර ලක්ෂ 12ක් ඇතුළත් වන විශේෂ ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඉඩකඩ හදලා දෙනවා. ඉඩම් පනත් දෙක හදා දී මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුමට අත්සන් තැබුවාම මේ රටේ පුරාවිද්‍යාත්මක උරුමයන් සහිත ඉඩම් අක්කර 12,33,000ක් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු වෙනවා.

‘ආපදා අධිරාජ්‍යවාදය’

අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදා ගන්නා නූතන ක්‍රමවේදය තමයි ආපදා අධිරාජ්‍යවාදය. රටක් තුළ පළමුව ආපදාවක් ඇතිකොට එම ආපදාවට පිළියම් කිරීමේ මුවාවෙන් එයට රිංගා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. ඇක්සා ගිවිසුම ගැහුවාට මදි. ශ්‍රී ලංකාවට රිංගන්න නම් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් ඇති කළ යුතුයි. හදිසි තත්ත්වය හදන්න එදා ඇමෙරිකා එක්සත් ජනපදයට වේළුපිල්ලේ පිරබාහරන්ගේ කුලී සේනාංකය හිටියා. අද ඒ හදිසි තත්ත්වය හදන්න සහරාන්ලා වුවමනා වෙලා තිබෙනවා. සහරාන්ලා වහබි අන්තවාදයෙන් පිස්සු වැටිලා, මරාගෙන මැරෙනකොට ඇති ිවන මරාගැනිල්ල නිසා ‘ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් – වහාම මැදිහත් විය යුතුයි’ කියා ඇමරිකානු 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය ඇතුළු ඇක්සා ගිවිසුමේ උපලේඛනවල සඳහන් හමුදා අනුඛණ්ඩ රිංගා ගන්නවා. ඒකයි ඇමරිකාවේ සැලසුම වුනේ.

නමුත් ඇමෙරිකාව බලාපොරොත්තු වූ සිංහල – මුස්ලිම් මරාගැනිල්ල ඒ ආකාරයට සිදු වුණේ නැහැ. ඒ නිසායි තවමත් ඇමරිකානු හමුදාවන්ට අපේ රටට රිංග ගන්න බැරි වෙලා තියෙන්නේ. තමන්ගේ සැලසුම ඇමරිකාව අතහරී කියා හිතන්න බැහැ. ඔවුන්ට තවමත් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉදිරි මාස 03 – 04, මේ රටේ ඉරණම සමඟ ඉතා තදින් බැඳුණු මාස කීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, තමන්ගේ ‘රූකඩ බත්බැලයා’ වන රනිල් වික්‍රමසිංහගේ බලය ගිලිහෙන තෙක් නිහඬව සිටියි ගියා කිසිවිටෙක හිතන්න එපා. ඔවුන්ගේ අවසාන තුරුම්පුව තමයි ‘අප්‍රේල් 21’ සහරාන් ලවා හදාගන්න දඟලපු හදිසි තත්වය ‘තවත් සහරාන්ලා’ දෙතුන්දෙනකු ලවා හදා ගැනීම, ඒ හදිසි තත්ත්වය අවශ්‍ය මාත්‍රා ගණනට හැදුනාම ඒ තත්ත්වය මත ජනාධිපතිවරණය කල් දැමීම, ඉන්පසු හදිසි තත්ත්වය රතු පාවාඩ බවට පත්කරගෙන ගිවිසුමෙන් ලබාදී තිබෙන වරම අනුව ඇමෙරිකාවේ 07 වැනි ඉන්දු – පැසිපික් නාවික බලඇණිය ශ්‍රී ලංකාව තුළට කඩා වැදීම, ඉන්පසු අගමැති ලවා සෝෆා ගිවිසුම අත්සන් කරවා ගැනීම, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම.



ඒ තුරුම්පුව මේ මාස 03-04 තුළ අදින්නයි හදන්නේ. ඊට එරෙහිව කළ යුතු සියල්ල අපි කළ යුතු වෙනවා. STOP USA සංවිධානය ගොඩනැගුණේ ඇමරිකානු ගිවිසුම් තුනකින් මේ රට වනසන එක නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහායි. ඒ සඳහා එක්වන ලෙස සියලුදෙනාට ඇරයුම් කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Presidential
Presidential
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH0zTZhY-lUqglA5Ba79qjh3SULUcQFtocO0_xgnwhIej4C3X98qpxB7ypduqO7kLGwKRpy8IGowZ-qo2JceOcES82CbNFy_yiWtfaIM9L8h2m4fhtAeVg3yhDE5ZRK6ETbgBMBlc40xL-/s320/usa-sri-lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH0zTZhY-lUqglA5Ba79qjh3SULUcQFtocO0_xgnwhIej4C3X98qpxB7ypduqO7kLGwKRpy8IGowZ-qo2JceOcES82CbNFy_yiWtfaIM9L8h2m4fhtAeVg3yhDE5ZRK6ETbgBMBlc40xL-/s72-c/usa-sri-lanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/presidential.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/presidential.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy