ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන ...
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.
වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දායි. ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක. බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.
සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම.
සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දාය.
සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වේ. දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.
අවිද්‍යාවේ අඳුර නසමින් සකල ලෝක වාසීන් දුකින් මුදා ගැනීමට අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ඇවිද අවසන් ආත්ම භාවයේ කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජතුමන් හා මහාමායා දේවිය මව්පියන් කොට ලුම්බිණි සල් උයනේදී උපත ලබන්නේ අදවන් පින්බර පොහෝ දිනකයි.
සිදුහත් කුමරා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවන්හි සැප සම්පත් අත්විඳිමින් සිටියද තම මෙහෙසිය වූ යසෝදරාවන් සිඟිති රාහුල පුත් බිහි කළ දිනයේ ගිහි ගෙයින් නික්ම යන්නේ සියලු බැඳීම් අත්හැර දමමින් චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධයෙන් උතුම් බුද්ධත්වය ලබා ගැනීම උදෙසාය.
විවිධ ශාස්තෘවරුන් වෙත යමින්ද තම සිරුරට දැඩි දුක් දෙමින්ද විමුක්ති මාර්ගය සෙවූ අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වන්නේ අද වැනි වෙසක් පොහෝ දිනකයි.
අනතුරුව දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළේ ද අද වැනි උතුම් පෝ දිනකයි.
COMMENTS