ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය සමාගමේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් ඊයේ බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට ර...
ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය සමාගමේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් ඊයේ බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්ව විරෝධතාවක නිරත විය.
තම තැන්පතු මුදල් නැවත ලබාදෙන බවට එම සමාගම් ප්‍රධානීන් විවිධ අවස්ථාවල මුදල් තැන්පත්කරුවන් දැනුවත් කර තිබුනද මේ වන තෙක් එම මුදල් ලබානොදීම විරෝධතාවට හේතුවී තිබේ.
ඊයේ දින ආයතන ඉදිරිපිටට පැමිණි තැන්පත් කරුවන්වන්ට සමාගම් කාර්යාලය ඉදිරිපිට දැන්වීමක් පළකරමින් දන්වා තිබුනේ වෙසක් පොහොය නිමිත්තෙන් සමාගම වසා තැබෙන බවයි.
කෙසේ වෙතත් ආයතන ප්‍රධානීන් සිදුකල දැනුම්දීමකින් අනතුරුව තැන්පත් කරුවන් විසිර ගියේය.
COMMENTS