දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !
Homeප්‍රවෘත්ති

චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට කිසිඳු නීතිරීතියක් අනුගමනය නොකරන අතිශය දේශපාලනීකරණය වූ ආයතනයක්...

විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වෙන්න - එජාපෙ නායකයින් අගමැතිට දැනුම් දීමට සූදානම්
යොවුන් පුරය අදින් ඇරඹේ (PHOTOS)
නීති විරෝධිව ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට
ජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට කිසිඳු නීතිරීතියක් අනුගමනය නොකරන අතිශය දේශපාලනීකරණය වූ ආයතනයක් බවට පත්ව ඇතැයි, එහි හිටපු පරිපාලන නිලධාරිනී එල්.එච්.ටී.ප්‍රියා පෙරේරා මහත්මිය ඊයේ(28) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

නිවාස සංවර්ධන අධිකාරයේ අවිධිමත් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව 2015 – 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධව සාක්ෂි ලබාදෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 2164ක් බවත් මේ වනවිට දිවයින පුරා ඇති දිස්ත්‍රික් කාර්යාල විසි පහට සේවකයන් 4500කට වැඩි පිරිසක් අනියුක්ත කර ඇති බව ප්‍රියා පෙරේරා මහත්මිය පවසා ඇත. එම පත්වීම්වලින් සියයට 95ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇතැයි ද හම්බන්තොට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 77ක් වුවත්, එහි සේවකයින් 1400කට අධික පිරිසක් සේවයේ යොදවා ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව උදාගම් ව්‍යාපෘතිය සඳහා දේශපාලන වශයෙන් උදව් උපකාර කරන පිරිස්වලට සහ පිටස්තර පුද්ගලයන්ට චක්‍රලේඛවලට පටහැනිව උසස්වීම්, වැටුප් වර්ධක ආදී විශේෂ වාසි ද ලබාදී ඇති බව ඒ මහත්මිය පවසා තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි සේවකයන් 31 දෙනෙකු නීති විරෝධීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ යොදවා ඇති බවය. ඔවුන් සේවයේ යොදවන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය බවත් එසේ අනුමැතිය ලබානොගෙන මෙම පුද්ගලයින් දේශපාලන හිතවත්කම් මත සේවයේ යොදවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

මෙම බඳවා ගැනීම් සම්බන්ධව විශය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ට වගකීම පැවරෙන බව ද හිටපු පරිපාලන නිලධාරිනී එල්.එච්.ටී.ප්‍රියා පෙරේරා මහත්මිය සාක්ෂි ලබාදෙමින් පවසා ඇත.

-lankatruth


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !
චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuILCDU_iUkkPWyL_Z4fVLVdkU7A9s-_AzPSjBy-UCk67h4LNS-XN6KNFJwuj_cWsEPLMMCcxzUv_4vUpw6znIxIfHWUV8R0tUSAVUIUFYiiRXNY1CFEoCWMDqqZElDhwe1p2vivyhSrS6/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuILCDU_iUkkPWyL_Z4fVLVdkU7A9s-_AzPSjBy-UCk67h4LNS-XN6KNFJwuj_cWsEPLMMCcxzUv_4vUpw6znIxIfHWUV8R0tUSAVUIUFYiiRXNY1CFEoCWMDqqZElDhwe1p2vivyhSrS6/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_849.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_849.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy