විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබේ. ඊයේ ...
විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබේ.
ඊයේ (27) සුවසිරිපායේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹි බව වාර්තා වේ.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාවුෆ් හකීම්, පී. දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මෙම සාකච්ජාවට එක්ව සිට ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අදාල ඉල්ලීම සිදුකිරීම සඳහා ඉදිරි දිනකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අගමැතිවරයා මුණ ගැසීමට නියමිතය.
මේ අතර, අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට රැස් විය.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අදාළ කරුණු රැසක් එහිදී සාකච්ඡා කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ද හෙට (29) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගය සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහාත පැවසී ය.
COMMENTS