ඇ මරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම දැක්වෙන 2019 වසර දෙවැනි කාර්තුවට අදාල ඇමරිකා federalregister ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨා...
ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම දැක්වෙන 2019 වසර දෙවැනි කාර්තුවට අදාල ඇමරිකා federalregister ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවන බව අද ඩේලි නිව්ස් පුවත්පත අද වාර්තා කර ඇත.
එම තත්වය යටතේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැටළු සහගත තත්වයකට පැන නගින බවද වාර්තාවේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කිරීම සම්බන්ධ සියලු නීතිමය ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා අතට මේ වන විටත් ලැබී ඇති බවයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේඛණයේ නම් පළ කිරීම සිදු වන්නේ ඔවුන්ගේ ක‍්‍රමවේදයකට හා කාල සීමාවකට අනුව බවත් එය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.
මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය අහෝසි කර ඇති බවත් පුරවැසිකම ඉවත් කිරීමට අදාල සියළු ලේඛණ ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය.
ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදාළව ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS