ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා නොකර ලබන 11 වැනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයකු නම් කළහොත් ශ‍්‍රීලනිපය...
ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා නොකර ලබන 11 වැනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයකු නම් කළහොත් ශ‍්‍රීලනිපය ද ලබන සැප්තැම්බර් 02 වැනිදා පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
පොදුජන පෙරමුණ එසේ ජනාධිපති අපේක්ෂකයකු නම් කළද ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමනාපයක් නොමැති බව කී මහ ලේකම්වරයා දෙපාර්ශ්වය අතර ගොඩනගන සන්ධානයට එය බාධාවක් නොවන බව ද කීවේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (1 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ මහලේකම්වරයා සැප්තැම්බරයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී වැදගත් දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවද කීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බවත්, ඇතැම් විට වැඩි කල් නොගොස් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව එම අපේක්ෂකයා නම් කිරීමට හැකි බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
රටට ජනතාවට ආදරය කරන සහ රටේ ජනතාව ඉල්ලන නායකයකු ජනාධිපති කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS