රටට ආදරය කරන සියලු බලවේග සහ කීර්තිමත් පුද්ගලයින් රැසක් ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක් වන බවත් ,එය ගෝඨාභය රාජපක්‍ෂ මහත...
මේ ආණ්ඩුවේ නායකයන් හැසිරෙන්නේ රට ගැන කිසිදු හැඟීමකින් යුතුව නොවන බව කී ඒ මහතා , මේ වන විට රට අරාජික වී ජනතාව ද අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇතැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත් වීම හා එම පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් කිරීම නිමිති කොට ගෙන බොරලස්ගමුව ,නුගේගොඩ ප්‍රදේශ වල පැවැති සැමරුම් උත්සව අවස්ථා කීපයකට සහභාගී වී අදහස් දක්වමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
ශ්‍රීලනිප ය හා එජාප ය එකට ආණ්ඩු කරන්න ගිහින් රටට ජනතාවට සිදු වී ඇති විනාශය විශාලයි .දැන් ඒ පක්‍ෂ දෙකේ නායකයන්ටත් යන එන මං නැති වෙලා .ලඟදි ඒ අයට ගෙදර යන්න සිදු වන්නේ ද ජනතාවගේ සාපය ඇතිවයි .
මේ ආණ්ඩුව යටතේ රටට ජනතාවට ලැබුනේ මොනවද ?මහින්ද රාජපක්‍ෂ මහත්තය හදල දීපු රට නැති කළා .වැටුණු රට කෙසේ හෝ ගොඩ ගන්න ඕනෑ .එය විශාල අභියෝගයක් .එය ජය ගන්න රටට නිසි නායකත්වයක් ඕනෑ .ගෝඨාභය මහත්තය ඒ සඳහා පත් කර ගන්න ජනතාව ඉන්නේ ලොකු උනන්දුවකින් .ඊට මහින්ද මහත්තය ලොකු ශක්තියක් වෙනවා .
රටට වැඩ කරන ආණ්ඩුවක් නැතිව රටට ඉදිරි ගමනකුත් නෑ .යහපත් අයගෙන් සැදුම් ලත් ආණ්ඩුවක් ඉදිරි මාස කීපය තුළ පත් කර ගෙන රට ගොඩ නැගීමේ ක්‍රියාන්විතය ආරම්භ කළ යුතු වෙනවා .
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ඉතා වේගයෙන් ගොඩ නැගුනා .එජාපය එක්ක ශ්‍රීලනිප ය එකතු වීම නිසා ශ්‍රීලනිප පාක්ෂිකයින් අනාථ වුණා .ඒ අය රැක ගත්තේ මහින්ද මහත්තයාගේ මඟ පෙන්වීම මත බැසිල් මහත්තය ගොඩ නැගූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි .හිරේ දාද්දීත් බැසිල් මහතා වැඩේ නතර කළේ නෑ .ලංකාවේ දැවැන්තම පක්‍ෂය වුණා .එය දැන් ජාතියේ ඉරණම විසදීමට යන ගමනේ ප්‍රධාන දේශපාලන කඳවුරයි ” .යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS