පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගත් ජයග්‍රහණය සැමරීම සඳහා පළමු ඓතිහාසික රැළිය ලබන 07 වන දා පස්වරු 2.00ට හිටපු ජනාධ...
පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගත් ජයග්‍රහණය සැමරීම සඳහා පළමු ඓතිහාසික රැළිය ලබන 07 වන දා පස්වරු 2.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්වීමට නියමිතය.
“ආණ්ඩුව අකුලා ගනු දැන් ඉතින් ගෙදර යනු“ තේමාව යටතේ මෙම ජන රැලිය පැවැත්වේ.
පසුගිය 2015ජනාධිපතිවරණයෙන් ලැබුණු ජනවරම නැවත පෙබරවාරී 10 වනදා ජනතාව විසින් අකුලා ගත් බවත් මෙම ආණ්ඩුව ඉදිරියට පැවතීමට කිසිදු හේතුවක් නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසී ය.
ඉතිහාසයේ පළමු වරට තවමත් පළාත් පාලන ඡන්දය පවත්වා ආයතන පිහිටු වීමට රජයට නොහැකි වී ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS