දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප !
Homeප්‍රවෘත්ති

විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප !

PropellerAds

ඉ රිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවති...

මුස්ලිම් නායකයන්ද දේශප්‍රේමීන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
හම්බන්තොට සිද්ධියේ 4කට ඇප - 25 දෙනෙකු යළි රිමාන්ඩ්
සීමානීර්ණ වාර්තාව මාසයක් ඇතුළත ගැසට් කරයි
රිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවති විභාගයේ විවේක කාලය තුළදී පාර්ලිමේනතු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැන තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු අධිකරණය බාරයට ගනු ලැබූ අතර ඔහු ලක්ෂ 5ක මුදල් සහ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමීට මහේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ ඇප නියම වූයේ නුගේගොඩ උපකාරක පංති ගුරුවරයකු වන විමල් රෝහණ කෝඳාගොඩ නමැත්තාටය.

මොහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් සකස් කර එය ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අගවිනිසුරුවරු නීතිපතිවරයාට නියෝග කළේය.

නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සැකකරු සහ තවත් පුද්ගලයකු ගොනු කළ පෙත්සම් විහාගයට ගන්නා අතරතුර ඊයේ පෙරවරු 11.30ට ලැබුණු විවේක කාලයේදි මොහු තමාට බැන තර්ජනය කළැයි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය.

මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන  මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර. ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් පසුව මෙම නියෝගය ලබාදෙන ලදි.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ ද පැවසීය.

"නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව උපකාරක පන්ති ගුරුවරයකු හා පියකු ගොනු කළ පෙත්සම් ඊයේ (01) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේදි විභාගයට ගනු ලැබුවා.

පෙත්සම් විභාගය කෙටි විවේකයක් සඳහා පෙරවරු 11.30ට නැවැත්වුවා. ඊට මද වේලාවකට පසුව මෙම උපකාරක පත්ති ගුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මඩුල්ල අසුන් ගන්නා ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී මා (විජයදාස රාජපක්ෂ මහතා) අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය සමග කතාබහක නියැලී සිටියා.

 ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ සහ ඔවුන්ගේ කනිටු නීතිඥවරුන්ද එහි සිටියා. ඒ ස්ථානයට ආ උපකාරක පන්ති ගුරුවරයා මා ළඟට පැමිණ

"ඔයාගේ ළමයින්ට මම ඉරිදා ටියුෂන් පන්තිවල උගන්වලා තිබෙනවා. ඔයාගේ දේශපාලන ජීවිතය විනාශ කරනවා යැයි තර්ජන කළා.''

විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල අනුව උපකාරක පන්ති ගුරුවරයා අධිකරණය බාරයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණය කටයුතු අවසන් වන තුරු ඔහු රඳවා තබා ගන්නා ලෙස පොලිස් නිලධාරියකුට නියෝග කළේය.

අධිකරණ කටයුතු අවසන් වූ පසුව මෙම සිදුවීම පිළිබඳව කරුණු දැක්වූ අගවිනිසුරුවරයා සිද්ධිය පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දුන් අතර ඒ අනුව රාජපක්ෂ මහතා ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේය.  පසුව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ද, රජයේ නීතිඥ සුරේන් ඥානාරාජ්, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරුද මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු තහවුරු කළහ.

මෙය බරපතළ සිද්ධියක් බවත්, එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකන බවත් පැවසු අගවිනිසුරුවිරයා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස් කර එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ඉන්පසුව උපකාරක පන්ති ගුරුවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියම කරිණි.

-රංජන් කටුගම්පොළ-
-තිළිණි ද සිල්වා-


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප !
විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMGXPpdFp_sYj78krZpwuawZAetAqR0FRb7wgLxMgdHZzMX_dwagF9t3pgw1idvCyD-4O0T9ZRp9dzaZf_W1UX1FqbaZ-sBfBV1E65CwCpXAEkSzR2_czQMOlEY55NLMM9eA-WLVRb_Jpd/s320/wijedasa-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMGXPpdFp_sYj78krZpwuawZAetAqR0FRb7wgLxMgdHZzMX_dwagF9t3pgw1idvCyD-4O0T9ZRp9dzaZf_W1UX1FqbaZ-sBfBV1E65CwCpXAEkSzR2_czQMOlEY55NLMM9eA-WLVRb_Jpd/s72-c/wijedasa-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy