සීමා නීර්ණය වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ...
සීමා නීර්ණය වාර්තාව මසක් ඇතුළත ගැසට් කරන බවට පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ෆැපරල් සංවිධානය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ෆැපරල් සංවිධානය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.
පෙත්සම් විභාගය මාර්තු 13 වන දින යළි කැඳවීමට අධිකරණය විසින් තීන්දු කෙරෙණු අතර එදිනට ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇත.
COMMENTS