රාත්‍රී බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් පිළිබඳ පුවතක් හම්බන්තොටින් වාර්තා වුණා. පසුව අදාළ පොලිස...
පසුව අදාළ පොලිස් සැරයන්වරයාව බස් රථයේ ගමන් ගත් මගීන් විසින් අල්ලා හම්බන්තොට පොලිසියට භාර දී තිබුණා.
තිස්සමහාරාමයෙන් බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙනවා.
එහිදී දියණිය පසුපස අසුනේත් මව ඉදිරි අසුනකත් සිට තිබෙනවා. පොලිස් නිළධාරියා අසුන්ගෙන සිටි ස්ථානයට සමීපව අසුන් ගෙන සිටි දියණියව අදාළ පොලිස් සැරයන්වරයා විසින් ස්පර්ශ කිරීම නිසා දියණිය එම ස්ථානයෙන් නැගිට මව අසලින් හිටගෙන තිබෙනවා. එවිට පොලිස් නිළධාරියාද එම ස්ථානයට පැමිණ මවට පිටුපස අසුනේ වාඩි වී ඉදිරියෙන් සිටින මවගේ ශරීරය ස්පර්ශ කිරීමට යෑමෙන් මවත් දියණියත් බස් රථයේ දී කලබලකාරීව හැසිරීම නිසා බස් රථයේ ගමන් ගත් සෙසු මගීන් ඊට මැදිහත්ව තිබෙනවා.
පොලිස් සැරයන්වරයා බස් රථයේදී පහරකෑමට ලක්ව ඇති අතර පසුව බස් රථය හම්බන්තොට බස් නැවතුම්පලට පැමිණි පසු පොලිස් සැරයන්වරයාව හම්බන්තොට පොලිසියට බාර දී තිබෙනවා.
පසුව හම්බන්තොට පොලිසියෙන් ඔහු පැන ගොස් ඊට යාබද ස්ථානයක සැඟවී සිටියදී යළිත් පිරිසක් අල්ලාගෙන ගොස් පොලිසියට භාරදීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට පත් වු සැකකාර පොලිස් නිළධාරියාව ඊයේ (24) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුණා.
-සනත් ගමගේ
COMMENTS