ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගිවීමට කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගිවීමට කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ඉරිදා (11) පැවැති එම උත්සවයට සහභාගි වූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප මධ්‍යම කමිටුව ඉදිරියට පමුණුවන බවද අමරවීර මහතා වැඩිදුරටත් කීය. මධ්‍යම කමිටුව ඉතාම ඉක්මනින් රැස්වන බවද ඔහු වැඩිදුරටත් කීය.
මෙසේ සහභාගි වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි තවම පක්ෂය විසින් සාකච්ඡාවට ගෙන නැතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම නිල වශයෙන් දැනුම් දීමට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුවේ ඉදිරිපෙළ ආසන රැසක ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් රැසක්ම අසුන්ගෙන සිටිනු දකින්නට ලැබිණි.

COMMENTS