උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශීය කාර්යා...
පක්ෂ කාර්යාලය සී.වී.විග්සේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර එම අවස්ථාවට සහභාගී වූ සී.වී.විග්නේශ්වරන් මහතා පිළිගැනීමේ උත්සවයක් ප්‍රදේශවාසී පාක්ෂිකයින් විසින් සංවිධානය කොට තිබූ අතර එහිදී විග්නේශ්වරන් මහතා රථපෙලපාලියකින් විවෘත වූ පක්ෂ කාර්යාලයට රැගෙන යාමට සංවිධානය කොට තිබුණි.
එම අවස්ථාවේදී රථ පෙලපාලියේ සිටි යතුරුපැදි කරුවන් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) පළඳා නොතිබීම හේතුවෙන් මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් හිසුවැසුම් නොමැති යතුරුපැදි කරුවන් නවතා රාජකාරී කිරීමට පියවර ගත් අතර එහිදී විග්නේශ්වරන් මහතාගේ පාක්ෂිකයින් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් අදාල යතුරුපැදි කරුවන් හිස්වැසුම් නොමැතිව රැගෙන යාමට කටයුතු කොට ඇති අතර එම අවස්ථාවේ සී.වී.විග්නේශ්වරන් මහතාද රථපෙලපාලියේ සිට ඇති වුවද කිසිදු පියවර ගෙන නොමැත.
කෙසේ වෙතත් අදාල ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පරික්ෂණයක් සිදු කිරීමට වවුනියාව පොලීසිය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS