එ ක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. මිලග ජනාධිපතිවරය...
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
මිලග ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ජනප්‍රියත්වය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට යැයි ද ඔහු සඳහන් කරයි.
වසර විසිපහක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තමන්ගේම ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට අවස්ථාව නොලැබුන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
නැවත වතාවක් ඒකාධිපති රාජපක්ෂ පාලනය හිස ඔසවමින් තිබෙන නිසා මේ අවස්ථාවේ ජනප්‍රිය පුද්ගලයා ඉදිරිපත් කර එම උත්සාහය පරාජය කළ යුතු බව ඔහු සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද කැමැත්ත සහිතව බව ද ඔහු පවසයි.
අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් අදහස් පල කරමින් මුදල් ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.
කෙසේ වෙතත් මීට කලකට පෙර මංගල සමරවීර මහතා එජාප නායකත්ව අරගලය උත්සන්න අවස්ථාවලදී සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විශාල අරගලයක් ගෙන ගියේය.
කුරුදු පොලු හමුදාව යයි හැඳින්වූ පිරිසක් සමගින් මාතර ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ පෙළපාලියකට පහර දීමක් සිදු කළේ ද මංගල සමරවීර මහතාගේ මෙහෙයවීමෙන් බව එකල වාර්තා පල විය.

COMMENTS