කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (31) පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. ඒ,...
කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (31) පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
ඒ, පසුගිය රජය සමයේ ලක් සතොස මගින් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහු මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවන දිනය අද වන අතර පසුගිය 26 වනදා ද පැමිණි අමාත්‍යවරයාගෙන් පැය 02කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.
සහල් අතිරක්තයක් රට තුළ තිබියදී කැබිනට් අනුමැතියකින් තොරව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 98,375ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා රුපියල් බිලියන 5.5ක රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මෙසේ පැමිණියේය.
COMMENTS