ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැතිවරයකු ලෙස සිටි සමයේ විදෙස් සමාගමකින් කොමිස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියා පුවත්පතක් කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක...
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැතිවරයකු ලෙස සිටි සමයේ විදෙස් සමාගමකින් කොමිස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියා පුවත්පතක් කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට බාරදී ඇතැයිද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම විමර්ශනය සඳහා අවශ්‍ය වුවහොත් විදෙස් සහායද ලබා ගනු ඇතැයි ඇමැතිවරයා පැවසී ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධව සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් පිළිබඳව 'සිඩ්නි මෝනින් හැරල්ඩ්' වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමුව ඇති බව පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි සිද්ධියකට කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි.
COMMENTS