එ ක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඔහු දින 09ක කාලයක...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ඔහු දින 09ක කාලයක් මෙරට රැදී සිටින අතර එම කාලයේදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් සැපැයීමට නියමිත බව පැවසේ.
මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරිම ශක්තිමත් සහ ස්වාධින ආයතන පිහිටුවිම සහ රට තුළ සත්‍ය හා සංහිදියාව වැනි කරුණු සම්බන්ධයෙන් කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනිම සදහා ප්‍රසංශනීය උත්සහයක් දක්නට ලැබෙන බව වුල් මහතා මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබිණි.
මෑත කාලීන ඛේදජනක පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු වැදගත් අභියෝගයන්ට රට මුහුණදීමට සිදුවී ඇති අවස්ථාවකදී මහජන නිදහස තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බවත් වුල් මහතා එහිදී පෙන්වාදී තිබිණි.
වෙබ්කාරයින්ගේ හමුව
මේ අතර, රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට විශාල සහයක් ලබාදුන් වෙබ් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු හමුව ඔවුන්ගෙන් වත්මන් තත්ත්වයන් ගැන විමසීමටද ඒ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ වන විටද එසේ හඳුනාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ඔහු සමඟ සාකච්ඡාවට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

COMMENTS