පා ස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර තමන්ට ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙස කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ...
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර තමන්ට ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙස කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. එහෙත්, ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් 23 වැනිදා ආරක්ෂක කවුන්සිලයට සහභාගී වන ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේ.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.
විශේෂ කාරක සභාවේ කටයුතු අද (25) පෙරවරු 10.00ට ආරම්භ වුණා. පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, විශ‍්‍රාමික මේජර් ජනරාල් ලාල් පෙරේරා ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන් කිහිපදෙනෙකු විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේ සාක්ෂි ලබා දීමට නියමිතයි.

COMMENTS