TNL නාලිකාව මඟින් බොහොම පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පැය භාගයක වැඩසටහනක් විකාශය කළ බැවින් TNL සමාගමේ වික...
TNL නාලිකාව මඟින් බොහොම පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පැය භාගයක වැඩසටහනක් විකාශය කළ බැවින් TNL සමාගමේ විකාශනයට බාධා කරන මට්ටමට මේ ආණ්ඩුව පත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ ඊයේ (07) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“TNL සමාගමේ විකාශනයට බාධා කරන මට්ටමට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. නියාමන කොමිසම මඟින් මොන කාරණය සඳහන් කළත් මේ තහනමට බලපෑ සිද්ධිය ශාන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හේතුව තමයි මීට දින දෙකකට පෙර TNL නාලිකාව මඟින් බොහොම පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පැය භාගයක වැඩසටහනක් විකාශය කළා. එයින් පසුව තමයි මේ හදිසි තහනම පැනවෙන්නේ. මේ රටේ අගමැතිවරයාගේ සහෝදරයාට අයත් නාලිකාව අගමැතිවරයා දැනුවත් නොවී තහනම් කරන්න කටයුතු කරලා තියෙන්නේ ජනාධිපතිවරයා බව බොහොම පැහැදිලිව අයිතිකරුවන් ඇතුළු මේ සමාජය චෝදනා කරනවා. මේ රටේ අගමැතිවරයාගේ සහෝදරයාට අයත් නාලිකාව තහනම් කරන්න කටයුතු කිරීමෙන් කරුණු දෙකක් පැහැදිලි වුණා. එකක් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන දැවැන්ත දේශපාලන අර්බුධය. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා මොන කරුණ පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වත් එතුමා මේ රටේ සිද්ධවෙන සෑම කරුණක් පසුපසම ඉඳගෙන ඒ කරුණු මෙහෙයවනවා කියන සත්‍ය අද එළියට ඇවිල්ලා තියෙනවා.”
COMMENTS