පා ස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ඇතුළුව ඉහළ පොලිස්...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ඇතුළුව ඉහළ පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
ඒ බස්නාහිර පළාත් භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආනන්ද මුණසිංහ, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ හා මීගමුව භාර ජ්‍යෂ්ථ පොලිස් අධිකාරිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන්, කටාන හා ජම්පටා වීදිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍ය ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න හා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරිපත් කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකිවයුතු 13 දෙනකුගේ නම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව පැවසේ.
පූජිත්ට - හේමසිරිට ඇති චෝදනා
පැහැදිළි බුද්ධි තොරුතුරු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට ලැබී තිබුණ ද එම විනාශය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින් මේ විට පූජිත්ට හා හේමසිරිට කරුණු 6ක් මත චෝදනා එල්ලකර තිබේ.
ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.
01. ප්‍රහාරය එල්ලවන දිනය හා වේලාව දැන සිටීම.
02. මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම.
03. අදාළ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගෙන තිබීම.
04. ඉලක්කය කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බව දැන සිටීම.
05. මෙම අනතුර ගැන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම.
06. අප්‍රේල් 18, 19 හා 20 දිනවල ලද බුද්ධි වාර්තා ගැන පොලිස්පතිවරයා නිසි අවධානය යොමු නොකිරීම.
පූජිත් සහ හේමසිරි නිවැරදිකරුවන් බවට ඇති තර්ක
හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන තම සේවාදායකයන් නිවැරදිකරුවන් බව පැහැදිළි කරමින් ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
ඔහු කරුණු දැක්වීම ආරම්භ කර තිබුණේ ''බුද්ධි අංශ තියෙන්නේ කා අතේද? එයයි මෙහිදී සැළකිය යුතු ප්‍රශ්නය'' යනුවෙන් සඳහන් කරමිනි.
2015 ජනවාරි 18 වැනිදා නිකුත් කෙරුණු 1897/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව බුද්ධි අංශ පවතිනේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා යටතේ බව ඔහු එහිදී සදහන් කළේය .
එමෙන්ම 2019 පෙබරවාරි 19 වැනිදා සිට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරු ආරක්ෂක මණ්ඩලය කැඳවා නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
''අප්‍රේල් 04 මුල් තොරතුර ලැබුණේ ඉන්දියාවෙන්. අපි දෙන්නේ තොරතුරක් විතරයි. ඒක විමර්ශනය කර අපටත් කියන්න'' යනුවෙන් තමයි එම වාර්තාවේ තියෙන්නේ යැයි අධිකරණයේදී අනුජ ප්‍රේමරත්න නීතිඥවරයා, එම බුද්ධි තොරතුර සහිත ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා තිබිණි.
''අයිස් ඔන්ලි''
ඔහු පහත සඳහන් තර්ක ද ඉදිරිපත් කරනු ලැබීය.
01. හේමසිරි ප්‍රනාන්දුට රාජ්‍ය බුද්ධි අංශයෙන් කිසිඳු ලිපියක් ලැබී නොමැති අතර ඔහු මේ ගැන දනුවත් වූ එකම ලිපිය ලැබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ලිපියකින් බව.
02. ''අයිස් ඔන්ලි'' ලෙස සඳහන් වුවද එම වාර්තාවේ බැරෑරුම්කම සළකා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනෙකුට ලිපි යවා ඇති බව.
03. අප්‍රේල් 09 කැඳවූ බුද්ධි තොරතුරු රැස්වීමේදී මෙම අවදානම ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිසිදු අදහසක් නොදැක්වීම.
04. ඉන්දියාවෙන් ලද තොරතුරු මේ වනතෙක් නිරීක්ෂණය වී නොමැති බව අප්‍රේල් 09 දින ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබීම.
05. අප්‍රේල් 09 සිට 18 දක්වා මේ අනතුර ගැන කිසිදු දැනුවත්කමක් නොකිරීම.
ඔහු අවධාරණය කළේ ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ 'WhatsApp' සහ දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පැවසුව ද එම තොරතුරු නිශ්චිත ඒවා නොවන බවය.
මූලාශ්‍රය - අරුණ

COMMENTS