දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්‍ෂත්, වික‍්‍රමසිංහත් අතර ගනුදෙනුවක් - අනුර ඩීල් ගැන හෙළිකරයි (AUDIO)
Homeප්‍රවෘත්ති

රාජපක්‍ෂත්, වික‍්‍රමසිංහත් අතර ගනුදෙනුවක් - අනුර ඩීල් ගැන හෙළිකරයි (AUDIO)

PropellerAds

අපකීර්තිමත් පිළිකුල්සහගතම ඩීල් එක තිබෙන්නේ රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහත් අතර බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.  ඔ...

සනත් නිශාන්ත ලන්සාට කුඩුවෙන්න ගහද්දී ඩලස් ලන්සා බේරගන්න පෙරට එයි! ලන්සා දේශපාලන සොල්දාදුවෙක්ලු
මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
පාස්කු ප‍්‍රහාරයට එරෙහිව අගරදගුරුගෙන් දේශපාලන බෝම්බයක්.. අලුත් ආණ්ඩුවක් ගැන කියයි.. (video)
රාජපක්‍ෂත්, වික‍්‍රමසිංහත් අතර ගනුදෙනුවක් - අනුර ඩීල් ගැන හෙළිකරයි (AUDIO)

අපකීර්තිමත් පිළිකුල්සහගතම ඩීල් එක තිබෙන්නේ රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහත් අතර බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ අද (03) ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙන බවත් මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත් ඒ බව තේරුම් ගැනීමට හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය,

“මැයි මාසේ 02වැනිදා ආණ්ඩුව විසින් වැට් බද්දක් පැනෙව්වා. එම වැට් බදු පැනවීම මෙතෙක් අදාල නොවූ ක්ෂේත‍්‍ර දක්වා පැනවීමට ආණ්ඩුව කටයුතු කළා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට, සිල්ලර වෙළඳාමට වැට් බද්ද ඇතුල් කළා. ඇතැම් ක්‍ෂේත‍්‍ර 11% සිට 15% දක්වාත් තවත් ක්ෂේත්‍ර 8% සිට 15% දක්වාත් වැට් බද්ද වැඩි කළා. මේ හේතුව නිසා බදු ක්‍ෂේත‍්‍රයේ විකෘතිය තවත් වැඩිවුණා. සෘජු බදු 15% ලෙසත් වක‍්‍ර බදු 85% ලෙසත් වෙනස් වුණා. එනිසා බදු ප‍්‍රතිපත්තිය මුළුමනින්ම සකස් වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාව මත බදුබර පැටවීමටයි. සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවලට අසීමිත ලෙස බදු ඇතුළත් කර තිබෙනවා. ලබන 11 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත වන්නේ මෙම බදු සංශෝධන පනතයි. මෙම බදු සංශෝධන පනත ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට එන මන්තී‍්‍රවරුන්ට සම්මත කරන්න පුළුවන්කමක් නැහැ. මන්තී‍්‍රවරුන් තමන් පත්කර එවන ජනතාව මත විශාල බදුබරක් පටවන මේ පනතට විරුද්ධව ඡුන්දය ලබාදිය යුතුයි. අපිට බලාගන්න පුළුවන් ජනතාව වෙනුවෙන් මේ මන්තී‍්‍රවරුන් මොකද කරන්නේ කියලා. 

ඒ වගේම අපි ජනතාවට කියනවා මේ බදු පනත පරාජය කිරීමෙන් පමණක් ඇතිවී තිබෙන මෙම ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න බැහැ කියලා. මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථීක ප‍්‍රතිපත්තිය පරාජයට පත්කිරීමෙන් පමණයි මෙම ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ. එනිසා මේ ආණ්ඩුව අනුගමනය කරන සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව අපේ රටේ ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා. 

ඞීල් කියන්නේ මොනවද? කාටද ඒ ඞීල් තිබෙන්නේ? ශිරන්ති රාජපක්‍ෂගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට එෆ්.සී.අයි.ඞී.යට කැඳවා තිබුණා. නමුත් ශිරන්ත රාජපක්‍ෂ කටඋත්තරය ලබාදෙන්න ගියේ කථානායකවරයාගේ නිල නිවසටයි. එෆ්.සී.අයි.ඞී.යට යා යුතු ශිරන්ත රාජපක්‍ෂ කථානායක නිල නිවසට ගියේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථාකර ඇතිකරගත් එකඟතාවයට අනුවයි. එම පරීෂක්‍ණ අවසන් වීමෙන් පසුව ශිරන්ත රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. නමුත් දැන් මාස 4කට වැඩි කාලයක් ගතවී තිබියදී ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථා කොට අත්අඩංගුවට ගැනීම වළක්වා තිබෙනවා. මේවා තමයි ඞීල් කියන්නේ. විමල් වීරවංශගේ පාස්පෝට් ප‍්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහට, මෛතී‍්‍රපාල සිරිසේනට කථාකොට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. රනිල් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා තමයි ඞීල් කියන්නේ. 

ඒ වගේම රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙනවා. මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත්  ඒ බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන උපදේශකයා, ගුරු අත්පොත ජේ. ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජනාධිපතිවරයා එවකට විපක්‍ෂයෙන් එල්ල වුණු චෝදනාවලින් බේරෙන්න සිදුකළේ ශී‍්‍රලනිපය බෙදා වෙන් කිරීමයි. ඒ සඳහා ඔහු ශී‍්‍රලනිප නිර්මාතෲගේ පුතා වන අනුර බණ්ඩාරනායක යොදා ගත්තා. අම්මා පුතා අතර ගැටුම් ඇතිකළා. ශී‍්‍රලනිපයේ දේශපාලන කාර්යාලයට නඩු කිව්වා. එදා ජේ. ආර්ගේ උපක‍්‍රමය වූයේ එයයි. අද රනිල් වික‍්‍රමසිංහගේ උපක‍්‍රමය වී තිබෙන්නේ ශී‍්‍රලනිපය බෙදීමයි. ඒ වෙනුවෙන් තමයි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව රාජපක්‍ෂ කල්ලිය වැඩකරමින් තිබෙන්නේ. ඒ එකඟතාවයන්ට අනුව තමයි බැසිල් අත්අඩංගුවට ගත්ත ගමන් රෝහල්ගත කරන්නේ. පාද යාත‍්‍රාවෙන් පසු ප‍්‍රධාන නායකයින්ගේ කථාවල රනිල් වික‍්‍රමසිංහට විවේචන තිබුණේ නැහැ. මොකද, රනිල්ගේ වුවමනාව වෙනුවෙන් තමයි මේ කල්ලිය වැඩකරන්නේ. රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි වගේම රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි. අද අපේ රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඞීල්එක සිදුවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ-රාජපක්‍ෂ අතරයි. 

සුනඛයාගේ ඇඟේ සිටින මැක්කා හිතනවා ඌ සුනඛයාටත් වඩා ලොකුයි කියලා. ශී‍්‍රලනිපයේ වලිගයේ මැක්කෙක් බවට පත්වී සිටන වීරවංශ කොහොමද ජවිපෙට අභියෝග කරන්නේ. අඩුම තරමේ ඔහුට පක්‍ෂයක් තිබෙනවාද? මහින්දගේ ඔඩොක්කුවේ සුරතලෙක් බවට පත්වෙලා ඉන්න, තමන්ගේ පක්‍ෂයෙන් තරඟ කර නාගරික මන්තී‍්‍රකමක් ගන්න බැරිව ඉන්න පුද්ගලයින්ගේ අභියෝග අපි බාරගන්නේ නැහැ. අද ඔහු රාජපක්‍ෂලාගේ ආරක්‍ෂකයෙකු බවට පත්වෙලා ඉන්න සුරතලෙකු බවට පත්වෙලා ඉන්න පුද්ගලයෙකු පමණයි. 

රාජපක්‍ෂ කල්ලිය පා ගමන් ගියේ ආණ්ඩුව පෙරළන්න ගිය ගමනක් ලෙස නොවෙයි. ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගම පැහැදිලිවම කිව්වා අපි මේ ආණ්ඩුව පෙරළන්න යන ගමනක් නෙවෙයි කියලා. මහින්ද රාජපක්‍ෂගේ විනාඩි 14ක කථාව ඔබ අහලා බලන්න. ඔහුගේ ප‍්‍රධාන චෝදනාව තිබුණේ එෆ්.සී.අයි.ඞී.යට, සී.අයි.ඞී.යට අල්ලස් ¥ෂණ කොමිසමට සහ ජනතා විමුක්ති පෙරමුණටයි.  ඒ හැර ඔහුට වෙනත් විවේචනයක් තිබුණේ නැහැ. තාජූඞීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය රාජපක්‍ෂට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එවීමේ පරීක්‍ෂණ ඇතුළු සියලූම පරීක්‍ෂණ සිදුකරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ නිසා ඔහුත් ඔහුගේ කල්ලිය බේරා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඒ වගේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද, වෙල්ගම වීරවංශ, කෙහෙළිය යන අයගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ ¥ෂණ කොමිසම විසින් පරීක්‍ෂණයක් සිදුවෙමින් තිබෙනවා. එම පරීක්‍ෂණවලින් තම ගෝලයන් බේරාගැනීම වෙනුවෙන් අල්ලස් කොමිසමට ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඒවගේම නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ, ඝෝඨාභය, බැසිල් යන අයගේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන මූල්‍ය අපරාධ පරීක්‍ෂණ වළක්වා ගැනීමේ අරමුණින් එෆ්.සී.අයි.ඞී.යට ප‍්‍රහාරයක් එල්ල කරනවා. රනිල් වික‍්‍රමසිංහට චෝදනා කරන්නේ නැහැ. මෛතී‍්‍රට චෝදනාවක් නැහැ. මොකද, ඔවුන් එක්ක කරන ඞීල්එකෙන් බේරෙන්න පුළුවන් කියලා රාජපක්‍ෂ කල්ලිය විශ්වාස කරනවා. නමුත් මේ සියලූ දෙනාම යටපත් කරන්න පුළුවන් වුණත් ජනතා විමුක්ති පෙරමුණ යටපත් කරන්න බැරි බව ඔවුන් දන්නවා. එනිසා ජවිපෙට ප‍්‍රහාර එල්ල කරනවා. සෙනග පෙන්නලා පරීක්‍ෂණ සිදුකරන රජයේ නිලධාරීන් බයකරන්න උත්සාහ කරනවා. අපි නිලධාරීන්ට කියනවා බය නැතිව ඔබ ඒ පරීක්‍ෂණ සිදුකරන්න කියලා. නැවතත් මේ රටේ රාජපක්‍ෂ බලයට එන්නැති බව අපි පැහැදිලිව කියනවා.“ යැයි අනුර කුමාර මහතා වැඩිදුරටත් පැවසී ය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්‍ෂත්, වික‍්‍රමසිංහත් අතර ගනුදෙනුවක් - අනුර ඩීල් ගැන හෙළිකරයි (AUDIO)
රාජපක්‍ෂත්, වික‍්‍රමසිංහත් අතර ගනුදෙනුවක් - අනුර ඩීල් ගැන හෙළිකරයි (AUDIO)
http://ift.tt/2aSQdrx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/audio_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/audio_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy