දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි
Homeප්‍රවෘත්ති

'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි

PropellerAds

පාසලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 17/2016 අංකයෙන් නිකුත් කළ චක‍්‍රලේඛයෙන් 23/2013 චක‍්‍රලේඛයේ පැවති සාධනීය තත්ත්වයන් අත්තනෝමතික ලෙස ඉවත...

උභය විහාර ප්‍රකාශය දුර දිග යයි ; ශ්‍රීලනිප නායකත්වය උභය විහාරික කාරක සංඝ සභාවට !
දූෂණ යෝජනා ගෙනා ජවිපෙ මන්ත‍්‍රීත් පැන ගිහින්.
2018 අයවැය ගැන අගමැතිගෙන් ඉඟියක්.
'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි

පාසලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 17/2016 අංකයෙන් නිකුත් කළ චක‍්‍රලේඛයෙන් 23/2013 චක‍්‍රලේඛයේ පැවති සාධනීය තත්ත්වයන් අත්තනෝමතික ලෙස ඉවත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

එමඟින් ළමුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කර ගැනීම නීත්‍යානූකූල කරමින් 'සියලූ ළමයින්ගෙන් අයකර ගැනීමට පාසල විසින් අනුමත කර ගෙන ඇති මුදල අය කර ගත හැකිය' යනුවෙන් සඳහන් කර ඇති බවත්, එහි මුදල කොපමණදැයි සඳහන් කර නොතිබීම ගැටළුවක් බවත්, ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ 17/2016 චක‍්‍රලේඛයෙන් ළමුන්ගෙන් මුදල් අය කිරීමටත් ආදි ශිෂ්‍ය අතපෙවීම්වලටත් ඉඩ සලසා තිබීමට විරෝධය

පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම මැයෙන් 2016.05.16 දිනැතිව 17/2016 අංකයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කොට ඇත. මෙම චක‍්‍රලේඛය මඟින් 23/2013 චක‍්‍රලේඛයේ පැවති සාධනීය තත්ත්වයන් අත්තනෝමතික ලෙස ඉවත් කොට පාසලවලට ළමුන් ඇතුළත් කිරීමේදී මුදල් අය කිරීම නීත්‍යනානුකූල වන ලෙස කරුණු දක්වා ඇත.

මෙම 17/2016 චක‍්‍රලේඛයේ 18.0 හි ළමයින් ඇතුළත් කිරීම සඳහා මුදල් හා වෙනත් ආධාර ලබා ගැනීම තහනම් කිරීම යටතේ ‘‘සියලූ ළමයින්ගෙන් අයකර ගැනීමට පාසල විසින් අනුමත කර ගෙන ඇති මුදල අය කර ගත හැකිය’’ යනුවෙන් සඳහන් කර ඇත. මෙය 23/2013 චක‍්‍රලේඛයේ 18.0 වගන්තියෙන් මුදල් අය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබීමට පටහැනිව මුදල් අය කිරීම නීතිගත කිරීමකි. එසේම පාසල විසින් අනුමත මුදල කුමක්ද යන්න ද බරපතළ ගැටළුවක් වන අතර, මේ ඔස්සේ විදුහල්පතිවරුන්ට  ඕනෑම මුදලක් අනුමත මුදල ලෙස සඳහන් කරමින් මුදල් ලබාගැනීමට අවකාශ සැලසේ.

එසේම 23/2013 චක‍්‍රලේඛයෙහි ඉහත වගන්තිය යටතේ සඳහන් වන ‘‘ගාස්තු අය නොකරන පෞද්ගලික පාසල්’’ යන යෙදුම 17/2016 චක‍්‍රලේඛයෙන් එම වගන්තියෙන් ඉවත් කර ඇත. මෙම යෙදුම මෙම චක‍්‍රලේඛයෙන් ඉවත් කළේ කුමන පදනමකින් ද යන්න ද බරපතළ ගැටළුවක් වන අතර මෙමඟින් උපකෘති පාඨශාලාවලට ඇතුළත් වන සිසුන්ගෙන් මුදල් අය කිරීමට මඟ පාදා ඇත.

එසේම 2016.07.05 දිනැති 17/2016(i) චක‍්‍රලේඛය මඟින් 17/2016 චක‍්‍රලේඛයේ 5.3 හා 10.2 වගන්ති සංශෝධනය කර ඇත. ඒ අනුව  5.3 වගන්තියට (ඉ) ලෙස ‘ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු’ යනුවෙන් සඳහන් කර ඇත. මෙමඟින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතිය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් ඇති කෙරේ. 17/2016 චක‍්‍රලේඛයේ 5.4 මඟින් ‘‘ආදි ශිෂ්‍ය ගණය යටතේ සම්මුඛ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී පමණක් ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු සහභාගි කර ගත යුතුය‘‘ යන නියමය තිබියදී ඉහත සඳහන් ලෙස 5.3 වගන්තිය සංශෝධනය කිරීමට බරපතළ ගැටළුකාරී තත්ත්වයකි.

එසේම 10.2 වගන්තියට ද (ඉ) ලෙස ‘ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු’ යනුවෙන් සඳහන් කර ඇත. නමුත් 17/2016 චක‍්‍රලේඛයේ 10.2(ඉ) හි පැහැදිලිව දක්වා ඇත්තේ ආදි ශිෂ්‍ය ගණය යටතේ අභියාචනා හා විරෝධතා පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී පමණක් ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු සහභාගි කර ගත යුතුය’’ යනුවෙනි. මේ අනුව පැහැදිලි වන්නේ 17/2016(i)චක‍්‍රලේඛයේ මෙම සංශෝධන මඟින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හා අභියාචනා මණ්ඩලවලට අනිසි බලපෑමක් කිරීමට ආදි ශිෂ්‍ය සංගම්වලට ඉඩකඩ සලසා දී ඇති ආකාරයයි. මේ හරහා ආදි ශිෂ්‍ය සංගම්වලට ද අනීතික ලෙස මුදල් එකතු කිරීමේ අවස්ථා විවර වේ.  

අධ්‍යාපනයේ විප්ලවයක් පිළිබඳව කතා කරමින් සිටින වත්මන් රජය බලයට පැමිණි විගස 05/2015 චක‍්‍රලේඛය මඟින් පාසල්වල මුදල් එකතු කිරීමට අවස්ථා සලසා දුන් අතර, මෙම චක‍්‍රලේඛය මඟින් සිසුන්ගෙන් මුදල් අය කිරීම තවදුරටත් තහවුරු කිරීමටත්,  දැනටමත් පාසල්වල කටයුතුවලට අනිසි බලපෑම් කරමින් සිටින ආදි ශිෂ්‍ය සංගම්වලට බලපෑම් කළ හැකි ලෙස අත්තනෝමතිකව චක‍්‍රලේඛ සංශෝධනය කිරීමටත් කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය  17/2016 චක‍්‍රලේඛයේ 18.0 වගන්තිය 23/2013 චක‍්‍රලේඛයේ 18.0 වගන්තියේ දැක්වෙන ලෙසට සංශෝධනය කරන ලෙසත්, 2016.07.05 දිනැති 17/2016(i) චක‍්‍රලේඛය අහෝසි කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.     

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි
'පාසලට ළමුන් දාන ගාන කියද?' - ස්ටාලින් අසයි
http://ift.tt/2aBhT2E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy