හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ජාතික රෝහලේ ද...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ජාතික රෝහලේ දී ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබිණි.
අද පෙරවරු වාර්තා වූයේ ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි.
මේ අතර අද දින හදිසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය නිලධාරින් විසින් ඔහුගෙන් ද ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනාටම අද පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනීසිටින දැනුම්දී තිබුණි.
නමුත් මේ දෙදෙනාම අද දිනයේම හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් මත රෝහල්ගත වී සිටීම විශේෂත්වයක් දරයි.
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට දන්වා තිබිණ.

COMMENTS