දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලාබැස දෙමසක් ගතවෙයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලාබැස දෙමසක් ගතවෙයි (PHOTOS)

PropellerAds

කණ්ඩලම සිගිරිය ප්‍රධාන මාර්ගය  කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමග  ගිලාබැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු අවසන...

පළාත් කිහිපයකට විටින් විට වැසි
හෙද වර්ජනය අවසන් - ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවතට
රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් ගැන ඉසුරගෙන් හෙළිදරව්වක්
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලාබැස දෙමසක් ගතවෙයි (PHOTOS)

කණ්ඩලම සිගිරිය ප්‍රධාන මාර්ගය  කිබිස්ස ප්‍රදේශයේ පාලමක් පාරත් සමග  ගිලාබැස මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු අඩාල වී ජනතාව දැඩි අපහසුතාවයකට ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

විශාල ජනතාවත් දිනපතා ගමන් කරන මෙම මාර්ගය මධ්‍යම පළාත් සභාව මගින් ඉදිකරන ලද්දක් බව ප්‍රදේශවාසීහු පවසති. කණ්ඩලම සීගිරිය අතර ප්‍රධාන සංචාරක හෝටල් රැසකට ගමන් කිරීමට ඇති කෙටිම මාර්ගය මෙය බවද මාර්ගය කැඩී යාම නිසා සීගිරිය නැරඹීම සඳහා හෝටල් වල සිට පැමිණෙන සංචාරකයන්ට නැවත වෙනත් විකල්ප මාර්ග වලින් ගමන් කිරීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා  දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට පාසල් යෑමට බස් රථයකට ගමන් කිරීමට නොහැකි වීම නිසාවෙනි. පාසල් ළමුන් කිලෝමීටර් දෙක තුන පාගමනින් යන අතර ඇතැම් පාසල් සිසුන් යතුරුපැදි හා පාපැදි පාවිච්චි කරමින් කඩා ගිය පාලමේ අඩියක පමණ ඉතුරුව ඇති ස්ථානයෙන් එගොඩ මෙගොඩ වනු ලබන්නේ  දැඩි අවධානම් ස්ථානයකින්  බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මාස දෙකක පමණ කාලය  මාර්ගය ගිලා බැස ගත වුවද එක කලු ගල් ලෝඩ් එකක් පමණක් එම ස්ථානයට ගෙනැවිත් දමා තිබෙන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙන අතර සතියක් ඇතුලත මෙම මාර්ගය පිළිසකර කර නොදෙන්නේ නම් දඹුල්ල   සීගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක නිරත වන බව ද ඔවුහු පවසති.

අප මේ ස්ථානයට ගිය අවස්ථාවේදී සිගිරි නැරබීමට පැමිණි විදේශිකයන් රැගත් වාහන නැවත හරවා පිටව යන ආකාරය දැකගැනීමට හැකිවිණි .

මෙම මාර්ගය ඉදිකොට වසර එකකට පමණ කාලයක් ගත වීමට පෙර එම ස්ථානයේ මාර්ගය ගිලා බැසීමේ අවදානම පැවතුන බවත් පසුව කොන්තරාත්කරුවන් පැමිණ ඊට උඩින් තාර දමා වසා දැමූ බවද ප්‍රදේශවාසීහූ පවසති. සියලු බලධාරීන්ට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු බලධාරීන්ට දේශපාලන අධිකාරියට දැනුම් දුන්නද මෙතෙක් මෙම විශාල අනතුර පිළිබඳව අවධානය යොමු වී නැතැයි ඔවුහු පවසති.

මධ්‍යම පළාත් සභාවට අයත් මෙම මාර්ගය පිළිබඳව ‍මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ගෙන් අප දුරකථනයෙන් විමසීමේ දී කියා සිටියේ තමන් මේ පිළිබඳව සොයාබලා පළාත් සභාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලාබැස දෙමසක් ගතවෙයි (PHOTOS)
සීගිරි සංචාරක කලාපයේ පාලමක් ගිලාබැස දෙමසක් ගතවෙයි (PHOTOS)
http://am.lk/media/k2/items/cache/9d4de8e07fff4934b75d52d84aeae58f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy