මෙරට රාජ්‍ය ව්‍යාපාර 16ක් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 8700ක ශුද්ධ අලාභයක් ලබා ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන...
මෙරට රාජ්‍ය ව්‍යාපාර 16ක් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 8700ක ශුද්ධ අලාභයක් ලබා ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
කෙසේවෙතත් රජය සතු ප්‍රමුඛතම වාණිජ ව්‍යාපාර 55ක් ඉකුත් වසරේදී රුපියල් කෝටි 175600ක ආදායමක් ලබා තිබෙන බවද එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 13.2ක අනුපාතයකයැයි එම වාර්තාවේ සඳහන් වේ.
රජය සතු ව්‍යාපාර 400ක් අතුරෙන් 264ක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මඟින් අධීක්ෂණය කරන අතර ව්‍යාපාර 136ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් අධීක්ෂණය කෙරේ.
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර අතරින් ආර්ථිකයේ තීරණාත්මක අංශය නියෝජනය කරන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි රාජ්‍ය ව්‍යාපාර 55ක් ක්‍රමෝපායික වශයෙන් වැදගත් රාජ්‍ය වාණිජ ව්‍යාපාර ලෙස හඳුනාගෙන තිබේ.
COMMENTS