වතුකරයෙන් අලුතින් සමෘද්ධිලාභින් තෝරා ගැනිමේදි සමෘද්ධි බැංකුවේ කළමණාකරු විසින් සමෘද්ධි නිලධාරින් වෙත ඉලක්කයක් ලබා දිම හේතුවෙන් එම සමෘද්ධිලා...
වතුකරයෙන් අලුතින් සමෘද්ධිලාභින් තෝරා ගැනිමේදි සමෘද්ධි බැංකුවේ කළමණාකරු විසින් සමෘද්ධි නිලධාරින් වෙත ඉලක්කයක් ලබා දිම හේතුවෙන් එම සමෘද්ධිලාභීන් දැඩි අසීරුතාවයට පත් වි ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් දිවයින පුරා අලුතින් සමෘද්ධිලාභින් තෝරා ගැනීම සදහා ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ දිනවල සමෘද්ධි නිලධාරින්ගේද සහය ඇතිව දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කර ඇත.
ඒ අනුව වතුකරයෙන් අලුතින් සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි එක් සමෘද්ධි ලාභියෙකු මුල් අවස්ථාවේම රුපියල් 2500 මුදලක් සමෘද්ධි සංවර්ධන නිලධාරියා වෙත ගෙවිමට සිදු වීම නිසා එම සමාද්ධි ලාභින් එම මුදල් සොයා ගැනිම සදහා තම රන් ආභරණ උකස් කිරිමටත්, ඇතැම් සමෘද්ධි ලාභින්ට පොලියට මුදල් ගැනීමටත් සිදු වි ඇත.
නොර්වුඩ් සමාද්ධි සංවර්ධන බැංකුව යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් 319/ ජී ග්‍රාමසේවා වසමේ අලුතින් බදවා ගත් සමෘද්ධි ලාභින්ට එම මුදල මේ වනවිට ගෙවිමට සිදු වි ඇත.
මත් ද්‍රව්‍ය විරෝධි දිනය වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කල කොඩියක් සදහා රුපියල් 1500ක්ද සමෘද්ධි ගිණුමට රුපියල් 1000 ක මුදලක්ද සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය විසින් ප්‍රතිලාභින්ගෙන් මේ වන විට අය කර ඇත.
මේ දිනවල අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුරා සමෘද්ධි සංවර්ධන නිලධාරින් විසින් අලුතින් සමෘද්ධි ලාභින් තෝරා ගන්නා අතර, එම සමෘද්ධි ලාභින්ට මෙම කොඩියද අනිවාර්යයෙන් අලෙවි කරනු ලබයි.
තේ වතු ආශ්‍රිතව හා ග්‍රාමීය මට්ටමෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබා ගැනිමට සුදුසුකම් ලබා ඇති අය එම සමෘද්ධි ප්‍රතිලාභ ලබා ගැනිම සදහා සමෘද්ධි සංවර්ධන නිලධාරින් විසින් ලබාදෙන ඕනැම කොන්දේසියකට යටත් වීමට සිදු වි ඇත්තේ එම ප්‍රතිලාභින්ට ඇති අවම දැනිම නිසාය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් මත්ද්‍රව්‍ය විරොධි දිනය වෙනුවෙන් නිකුත් කර ඇති කොඩිය සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට අලෙවි කිරිම එම දෙපාර්තුමේන්තුව මගින් තහනම් කර ඇත.
මෙසේ නව සමෘද්ධි ලාභින්ගෙන් මුදල් අය කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් සමෘද්ධි සංවර්ධන බැංකුවේ කළමණාකාර මුත්තුසාමි වින්සන් ජයප්‍රකාස් මහතාගෙන් අප කල විමසීමකදී ඔහු පවසා සිටියේ තම බැංකුව වෙත අලුතින් පත්විම් ලැබු සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක් විසින් මෙසේ අයථා ලෙස මුදල් අයකර ඇති බව සත්‍ය කරුණක් බවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් නිතුක් කර ඇති කොඩිය සමෘද්ධි ලාභින්ට අලෙවි කිරිම සදහා නිෂ්චිත මුදලක් ප්‍රකාශ කර නොමැති බවත්, නව සමෘද්ධි ගිණුමක් ආර්ම්භ කිරිම සදහා රුපියල් 1000 පමණ මුදල පමණක් අය කිරිම නීත්‍යානුකුල බවයි.
සමෘද්ධි සංවර්ධන නිලධාරිනය වෙත තම කාර්යයාල විසින් ලබා දුන් රුපියල් ලක්ෂයක ඉලක්කය හේතුවෙන් පලපුරුද්ද නොමැති නිසා සමෘද්ධි සංවර්ධන නිලධරිනිය විසින් මෙසේ මුදල් අය කර ඇත.
කොඩිය වෙනුවෙන් ඇය විසින් නව සමෘද්ධී ප්‍රතිලාභින්ගෙන් අයකර තිබු රුපියල් 1500ක මුදල අපසු එම ප්‍රතිලාභින්ට ගෙවිමට මේ වන විට කටයුතු කර ඇති බවත්, එම සමෘද්ධි සංවර්ධන නිලධාරිනියට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සමෘද්ධී සංවර්ධන බැංකුවේ කලමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.
තේ වතු ආශ්‍රිතව සමෘද්ධි ප්‍රතිලාභ දැනට ලබා සිටින වතු කම්කරුවන් ඔවුන්ට ඇති අවම දැනුම හමුවේ සමෘද්ධි කාර්යයාලවල, සමෘද්ධි බැංකුවල, සේවය කරන සමාද්ධි සංවර්ධන නිලධාරින් අයථා මුදල් ගනුදෙනු කටයුතු වල මෙවැනි ආකාරයටම නියැලෙන බව වතු කම්කරුවන් පැවසී ය.
හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS