දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අටලුගම ෆාතිමාගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි !
Homeප්‍රවෘත්ති

අටලුගම ෆාතිමාගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි !

PropellerAds

අටලුගම ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදීන්ගෙන් පීඩා වූ බව පවසමින් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත් වූ අබ්දුල් හසන් ෆාතිමාගෙන් අද (06) අපරාධ පරීක්ෂ...

ජනාධිපතිවරණය ගැන මහින්ද කතා කරයි !
බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !
අපවත්වන තෙක් උපවාවසයේ සිටින රතන හිමි ජනපතිට යැවූ තීරණාත්මක ලිපිය මෙන්න
අටලුගම ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදීන්ගෙන් පීඩා වූ බව පවසමින් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත් වූ අබ්දුල් හසන් ෆාතිමාගෙන් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පැය හයහාමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අටලුගම ප්‍රදේශවාසීන් පැවසුවේ අදාල කාන්තාව මාධ්‍යයට කළේ අසත්‍යය බවයි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේ අටලුගම මුස්ලිම් පල්ලියෙන් තමන් සිංහල පුද්ගලයෙකු හා විවාහ වීම නිසා දැඩි බලපෑම් එල්ලවූ බවයි.

මේ අතර අටලුගම ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් දොලහෙන් පවුල් තුනක සාමාජිකයින් හා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල නියෝජිතයින් එක්ව පසුගිය හතර වැනිදා එම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

සමස්ත ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානයේ සාමාජික අම්හර් හකම්දීන් ප්‍රකාශ කළේ අදාළ කාන්තාවගේ චරිතය සම්බන්ධ ගැටලුවකට ගම්වාසීන් ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී යම් ගැටලුකාරී සිදුවීමක් වී ඇති බවත්ය.

සිදුවීම පිටුපස මස්ජිත් සම්මේලනය හෝ මව්ලවිවරුන් හෝ නොමැති බවත් අටලුගමට විශේෂිත ෂරියා නීතියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

එම අවස්ථාවට පැමිණි ප්‍රදේශවාසී කාන්තාවක් ප්‍රකාශ කළේ අදාළ ෆාතිමා නැමැති කාන්තාව මාර්තු මස 24 දින රෑ අනියම් පුද්ගලයෙකු සමඟ රැඳී සිටි බවත් ගම්වාසීන් එම ස්ථානයට ගොස් පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දී අදාල ස්ථානයට ගෙන්වු බවත්ය.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ අදාළ නිවසට ඇතුළු වු බවත් ප්‍රදේශයේ සිංහල ජනතාවත් ඒත් සමඟ එහි ගිය බවත් ඇය ප්‍රකාශ කළාය.

පසුව නිවසේ සිට දෙදෙනා මාංචු දමා පිටතට ගත් බව ද ඇය වැඩි දුරටත් පැවසීය.

එදා ඒ කාත්තාවට හා දරුවන්ට කිසිදු පහරදීමක් සිදු නොකළ බවත් මුස්ලිම් ප්‍රජාව ආගමෙන් ඉවත් වන ලෙස ඈට ප්‍රකාශ නොකළ බවත් ප්‍රදේශවාසී කාන්තාව වැඩිදුරටත් කියා සිටියාය.

එමෙන්ම ඇයට පල්ලියෙන් කිසිදු බලපෑමක් නොකළ බවත් ඇය පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ කැඳවීමකට අනුව අබ්දුල් හසන් ෆාතිමා අද පෙරවරු 9.30ට පමණ එහි පැමිණි අතර එහිදී ඇයගෙන් පැය හයහාමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අටලුගම ෆාතිමාගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි !
අටලුගම ෆාතිමාගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4b97aedUgTSnySQtZk2769x0o9eGy6SplB5AfYrrTRZ2CfeiUE1mKG_tsewdz2xOUCg0_O94zK-vpVGXYv5JwIlcJttG3LcDEJlciTiubiHr0rW978p-S667f8JtZPxwlrNoomFW5ded2/s320/fathima.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4b97aedUgTSnySQtZk2769x0o9eGy6SplB5AfYrrTRZ2CfeiUE1mKG_tsewdz2xOUCg0_O94zK-vpVGXYv5JwIlcJttG3LcDEJlciTiubiHr0rW978p-S667f8JtZPxwlrNoomFW5ded2/s72-c/fathima.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/cid-6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/cid-6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy