දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි
Homeප්‍රවෘත්ති

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි

PropellerAds

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දි...

“වත්මන් දේශපාලන අර්බුදය“ - මොහාන් සමරනායක සමග සජීවිව
“ඉදිරියටත් අගමැති මමයි“ - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්
අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් අගෝස්තු 10 වැනිදා වන විට සිය ඇමැරිකන් පුරවැසිභාවය ඉවත් කරගත යුතුව තිබේ.

ජූලි 19 වැනිදා විජේරාම මාවගේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ඉහත කී සාකච්ඡාව පවත්වා ඇති අතර දැනට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා යෝජනා වී තිබෙන චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන නම් ගැන එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

එම දෙදෙනාටම අමතරව තවත් නම් යෝජනා වූ නමුත්, එම සාකච්ඡාවට ඉදිරිපත්වූ අනෙකුත් පුද්ගල නාම මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන බවට එම රැස්වීමේදී දැඩි එකඟතාවක් ඇති කරගත් නිසා ප්‍රකාශ කළ නොහැකි බව අප සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ කීප දෙනෙක් පැවසූහ.

අගෝස්තු 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවක් පැවැත්වීමට නියමිතය. අගෝස්තු 10 වැනිදා වන විට තීන්දුව සාමාජික පක්ෂ වෙත ප්‍රකාශයට පත් කළ යුතු බව එකඟ වී ඇත්තේ අගෝස්තු 11 වැනිදා සමුළුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණෙන් බව අප සමග නිර්නාමිකව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ නායකයෙක් කීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු කිරීමට අමතරව පොදුජන පෙරමුණ පිහිටුවීමට බලාපොරොත්තු වන නව සන්ධානයේ ව්‍යවස්ථාව, සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව හා වැඩපිළිවෙළ ද අගෝස්තු 11 වැනිදා එළිදැක්වීමට නියමිත බව ඔහු කීය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායමකට භාර දී ඇති අතර සන්ධානයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කිරීම බැසිල් රාජපක්ෂ ට භාර දී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි සාමූහිකව කතාකොට තීන්දු කිරීම වෙනුවට එය මහින්ද රාජපක්ෂ තනිව තීන්දු කිරීමත්, ඒ තීන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට එක් දිනක් පමණක් තිබියදී අනෙක් පක්ෂවල අනුමැතියට ඉදිරිපත් කිරීමත් පිළිබඳව තමන් එකඟ නොවන බව ඔහු කීය.

ඒ වෙනුවට ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන සියලු පක්ෂ සාකච්ඡා කොට තීන්දුවක් ගැනිමට අවස්ථාවක් තිබේ නම් යහපත් නමුත්, වෙන විකල්පයක් නැති නිසා අපේක්ෂකයා තේරීමට අදාළ ඉහත ක්‍රමවේදයට එකඟ වූ බව නිර්නාමිකව අදහස් දැක්වූ පක්ෂ නායකයා කීය.

- අනිද්දා

It is reported that the Leader of the Opposition, Mahinda Rajapaksa should decide who is the presidential candidate by August 10 and inform the party leaders of the joint opposition.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි
ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0bilInEUtKTEDbG9m_6Ux3NMJt1tIXx8iq6RM5jNkozYP10nr9wBQ35eQ1e__VQQfqrIZyP97pHfBg363ueIOUDJAN1rkSm0e880qubtphoUfkpUBRc48t_J62EGUbtLp6T_MRKSoUY0/s640/z_p08-Gota-01.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0bilInEUtKTEDbG9m_6Ux3NMJt1tIXx8iq6RM5jNkozYP10nr9wBQ35eQ1e__VQQfqrIZyP97pHfBg363ueIOUDJAN1rkSm0e880qubtphoUfkpUBRc48t_J62EGUbtLp6T_MRKSoUY0/s72-c/z_p08-Gota-01.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_984.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_984.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy