ව්‍යවස්ථාව අනුව තමන් අගමැති ලෙස තවදුරටත් කටයුතු කරන බවත් රජය මේ ආකාරයටම කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අනාගත නායකත්...
ව්‍යවස්ථාව අනුව තමන් අගමැති ලෙස තවදුරටත් කටයුතු කරන බවත් රජය මේ ආකාරයටම කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අනාගත නායකත්ව කණ්ඩායමක් ගොඩනැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බව ද අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් අගමැතිවරයා පැවසී ය.
ජනතාව මැතිවරණයෙන් දුන් ප්‍රතිඵලය පිළිගන්නා බවත් තමන්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සම්බන්ධතාවයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS