දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිලියන 3.7ක වියදමින් මන්ත්‍රීවරුන්ට ගෙන්න යන වාහන ගණුදෙනුවේ සියළු තතු මෙන්න
Homeප්‍රවෘත්ති

බිලියන 3.7ක වියදමින් මන්ත්‍රීවරුන්ට ගෙන්න යන වාහන ගණුදෙනුවේ සියළු තතු මෙන්න

PropellerAds

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ ත...

"බහුතරයක් නැති නිසා අයවැය ජයගැනීම අභියෝගයක්" - මරික්කාර්
මුජිබර්ගේ කතාවට විජේපාලගෙන් පිළිතුරු
මංගලගේ අයවැය යෝජනාව අද
පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

සඳුදා (7) හිරු ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් චමුදිත සමරවික්‍රම විසින් විමසන ලද අවසාන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් රඹුක්වැල්ල මහතා කියා සිටියේ එය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින් එමේ අවලංගු කළ නොහැකි බවකි.

රාජ්‍ය බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් ඒකපාර්ශවිකව අවලංගු කළ නොහැකි බවද අමාත්‍ය රඹුක්වැල්ල එහිදී පිළිගත්තේය.

මෙම වාහන 399න් 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ අතර ඒවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‌ට 145ක්, සමගි ජන බලවේගයට 54ක්, දෙමළ ජාතික සන්ධානයට 19ක්, ජාතික ජන බලවේගයට 3ක්, ඒඅයිටීසී 2, ඊපීඩීපී 2, යූඑන්පී 1, එස්එල්එෆ්පී 1 සහ හ ඕපීපීපී, ටීඑම්වීපී, එම්එන්ඒ, ටීඑම්ටීකේ, ඒසීඑම්සී, එන්සී සහ එස්.එල්.එම්.සී. යන පක්ෂවලට එක රථය බැගින් ‌ලබා දීමට නියමිතය.

මෙහි දක්නට ඇති විශේෂම සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තවමත් පුරවා නැති තත්ත්වයක් යටතේ පවා එම පක්ෂයට සුපිරි වාහනයක් වෙන් කොට තිබීමය.

මෙසේ ගෙන්වීමට නියමිත වාහන අතර නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් 227 ක්, නවතම ටොයොටා හයිලක්ස් ෆෝ වීල් ඩබල් කැබ් 17 ක්, නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් (V 8), නවතම හිනෝ ඉන්ටර්කූලර් ටර්බෝ කැබ් 52 ක්, නවතම ටොයොටා හයිලක්ස් 4 WD ඉන්ටර්කූලර් සහිත කැබ් රථ, ඉන්ටර්කූලර් සහිත නවතම ටොයොටා හයිලක්ස් 4 WVD සහ නවතම ටොයොටා ඉහළ වහල ගිලන්රථ 50 ක්ය.

සාමාජිකයින් 225 දෙනෙකු සඳහා නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 227 ක් ආනයනය කළේ මන්දැයි ‘සලකුණ’ කණ්ඩායම විමසූ විට, අමාත්‍ය රඹුක්වැල්ල මහතා එම වාහන ලබන්නන් පිළිබඳ කිසිවක් කීම ප්‍රතික්ෂේප කළේය. V8 රථ ඇනවුම් කර ඇත්තේ කා වෙනුවෙන්දැයි තමන් නොදන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසර තුනක කාලයක් සඳහා ආනයනය නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබිණ.

මෙම වැඩසටහනේදී ජපාන‌යෙන් නොව සිංගප්පූරුව පදනම් කරගත් ආයතනයකින් වාහන ඇනවුම් කර ඇති බව දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් රට බරපතළ විදේශ විනිමය අර්බූදයක ගිලී සිටියදී සහ සියලු අනවශ්‍ය ආනයන අත්හිටුවා තිබියදී මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුපිරි වාහන ගෙන්වීම සම්බන්ධයෙන් විශාල සමාජ විරෝධයක් මතුවෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත.

-infosrilanka


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිලියන 3.7ක වියදමින් මන්ත්‍රීවරුන්ට ගෙන්න යන වාහන ගණුදෙනුවේ සියළු තතු මෙන්න
බිලියන 3.7ක වියදමින් මන්ත්‍රීවරුන්ට ගෙන්න යන වාහන ගණුදෙනුවේ සියළු තතු මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFgHpRO2dxQALUbdPC84v_xn2px_YWGbb91VxDWYkhr_C32hL10TTrPKYV60X5MtRJZ_eYdpP1WUVIqO3G6PSGJ04UderkpWim_ni9NSNNh-eyzpBzyDKaylXs0CNSdULUuK9jvFtRo14/s320/Dubai-car.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFgHpRO2dxQALUbdPC84v_xn2px_YWGbb91VxDWYkhr_C32hL10TTrPKYV60X5MtRJZ_eYdpP1WUVIqO3G6PSGJ04UderkpWim_ni9NSNNh-eyzpBzyDKaylXs0CNSdULUuK9jvFtRo14/s72-c/Dubai-car.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy