ගෝ ඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇති අකැමැත්ත හා පවුල් පාලනයට විරුද්ධතාවය හේතුවෙන් තමන් තිස් වසරක් තිස්සේ දේශපාලනය කළ ශ්‍රී ලංකා නිද...
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇති අකැමැත්ත හා පවුල් පාලනයට විරුද්ධතාවය හේතුවෙන් තමන් තිස් වසරක් තිස්සේ දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් ඉදිරියේ දී දේශපාලනය කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කිසිම දිනෙක තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් නොගත් බවද පැවසූ ඔහු දිගටම දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඉදිරියටද කටයුතු කරන බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද‍්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී ලෙස රාජපක්ෂලාව වැලක්ම සිටින නිසා ඔවුන් සමඟ එක්වන කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නොමැති බවද වෙල්ගම මහතා පැවසීය.
ඒ හේතුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS