ද කුණූ පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් අවභාවිතය නහුතෙට වැඩිවෙලා. බද්දේගම පාසලක රුපියල් දොලොස් දහසකින් (12,000/-) කරන්න පුලුවන් ජල ව්...
දකුණූ පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් අවභාවිතය නහුතෙට වැඩිවෙලා. බද්දේගම පාසලක රුපියල් දොලොස් දහසකින් (12,000/-) කරන්න පුලුවන් ජල ව්‍යාපාතියකට ලක්ෂ 34 ක් වෙන්කර ගෙන. බොපේ පෝද්දල කසල අංගනයක පීලි දාන්න රුපියල් ලක්ෂ 72 ක් වෙන්කරගෙන. ඒකට වියදම් වුණේ රුපියල් 30,000/- යි. මේ වැඩ දෙකටම රුපියල් ලක්ෂ 106 ක් වෙන්කර ගෙන තිබුණා. නමුත් වැඩ දෙකටම වියදම් වුණේ රුපියල් 42,000/- ක් පමණක් බව පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළේය.
ගාල්ල ආණ්ඩුකාර කාර්යාලයේ දී අභ්‍යන්තර විගණන නිලධාරින් 35 දෙනෙකුට පත්වීම් භාර දීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ ද කීය.
දකුණු පළාත් සභාව පසුගිය කාල වල බොහෝ ව්‍යාපෘති තුළ විශාල මුදල් අවභාවිතයක් සිදුකර තිබෙනවා. නව පත්වීම් ලබාදුන් අභ්‍යන්තර විගණන නිලධාරින්ට කොන්ද පන ඇතිව, හරි දේ හරියට කරන්න යැයි මම උපදෙස් දුන්නා. මේ රාජකාරිය හරි දුෂ්කරයි. මේ රාජකාරිය හරියට ඉටු කලොත් ගොඩක් දුෂිත වංචනික නිලධාරින් ඔවුන් සමග විරසක වේවි. නමුත් මහජන මුදල් ගසා කෑමේ වැඩ විශාල ලෙස අඩු වේවි. මහජන මුදල් ඉතිරි කරන්න ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.
මා ඔවුන්ට උදාහරණ දෙකක් විතරක් මෙහිදී පෙන්වා දුන්නා. බද්දේගම පාසලක පානිය ජල ව්‍යාපාතියකට යැයි කියා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 34 /- ක මුදල් ප්‍රතිපාදන වෙන් කරල තිබුණා. ඒක ගැන මං සොයා බැලුවා. විදුහල්පති තුමා එක්ක කතා කරල මගේ ඉංජිනේරුවන් යොදවල මේ කටයුත්ත සතියක් තුළ නියම ප්‍රමිතියට වැඩ අවසන් කරන්න ගියේ රුපියල් 12 000/- යි. ඒ පාසලේ විදුහල්පතිතුමා ඒ මුදල් යොදවන්නම් කියල අපට කිවුවා.
බෝපෙ පෝද්දල කසල අංගනය ප්‍රතිසංස්කරණ කටයුතු වලට කියල එහි පීලි වගයක් දාන්න රුපියල් ලක්ෂ 72 ක් වෙන් කරගෙන තිබුණා. මට ලැබුණූ තොරතුරු අනුව මම සොයා බලල ඉංජිනේරුවන් යොදවා අලුතින් ඇස්තමේන්තු කරල ඒ වැඩේ නියම විදියට ඉටු කරන්න වියදම් වුනේ රුපියල් 30,000/- යි මම උදාහරණ විදියට පෙන්නපු මේ වැඩ දෙකටම ගිය වියදම රු 42,000/- යි. දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් පාලන අංශයෙන් වෙන් කරගෙන තිබුණු මුදල ලක්ෂ 106 ක්. බලන්න දහස් ගණනින් වැය වන වැඩ වලට ලක්ෂ ගණනින් මුදල් වෙන් කරගෙන ලක්ෂ ගණනින් කරන්න පුඑවන් ව්‍යාපෘති සදහා කෝටි ගණන් වෙන් කරගෙන තිබෙනවාද කියලා ඉදිරියේද දී මා සොයා බලනවා.
අන්න ඒ වගේ දේවල් ගැන විගනන නිලධාරීන්ට හොදින් අවධානය යොමු කරන්න යැයි පැහැදිලි කළා. පළාත් අභ්‍යන්තර විගණන අංශ දැනුමින් සන්නද්ධ කරන්න ඕන. ඔවුන්ට පත්විම් ලබා දුන්නත් ඉදිරියේ දී මා අභ්‍යන්තර විගණන නිලධාරින් හා අල්ලස් කොමිසම සමඟ ඒකාබද්ධව ක්ෂත්‍රයේදී වඩා වැදගත් වන ඔබේ දැනුම වර්ධනය කරන වැඩ මුඑ පවත්වන්න මා කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.
දැනුමින් සන්නද්ධ අභ්‍යන්තර විගනන නිලධාරින් ලෙස ඔවුන්ට නිසි සේවයක් එවිට ඉටු කරන්න පුලුවන් වේවි. සමාජයේ ගෞරවය ලැබෙන පරිදි වඩා හොද සේවයක් කරන්න ඔවුන්ට අවශ්‍ය ශක්තිය හැකියාව ලැබේවායි සුභ පැතූ බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– ජයකාන්ත ලියනගේ

COMMENTS