ෆිජී ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් අද (16) දහවල් ම...
ෆිජී ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් අද (16) දහවල් මෙරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවූ මෙම හමුවට ශ්‍රි ලංකාවේ ෆිජී කොන්සල් ජෙනරාල් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද එක්විය.
මෙම සුහද හමුවේදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර දෙරටේ හමුදා සම්බන්ධතා වර්ධනය කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කොට තිබේ.
සාකච්ඡාව අවසානයේ දෙරටේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුකර ඇත.
COMMENTS