ම ත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන්...
මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කලේ කිසිදු ලෙසකින් එම තීන්දුවට මැදිහත් වීමට විදෙස් රටවලට අයිතියක් නැති බවයි.
පුත්තලම මහවැව ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා.
ජනාධිපතිතුමා මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙන්නේ පක්ෂයක් ලෙස එම තීන්දුවට සහයෝගය ලබාදිය නොහැකි බවයි.
රට අභ්‍යන්තරව මෙම කරුණ පිලිබඳ ලොකු සංවාදයක් ඇතිවෙලා තිබෙනවා. වඩාත් නිවැරදි තීන්දුවක් ගැනීමට එම අභ්‍යන්තර සංවාදය ඉතා වැදගත් මේ අතර ඇතැම් විදෙස් සංවිධාන සහ විදෙස් රටවල් මෙම තීන්දුවට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් GSP ඇතුළු ශ්‍රී ලංකාවට ලබාදෙන බදු සහන පිළිබඳව යලි විමසා බැලීමට සිදුවන බවයි. එය එක්තරා ආකාරයකට තර්ජනයක් මෙරට ස්වාධින ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කිරිමට විදෙස් රටවලට හෝ විදෙස් සංවිධාන වලට අයිතියක් නැහැ. මොකද ඇමරිකාව වගේ රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මකයි.
එහෙත් මේ සම්බන්ධව විදෙස් බලවේග දක්වන්නේ නිහඬ ප්‍රතිචාරයක්. ඒ නිසා ස්වාධින රටක් ලෙස අභ්‍යන්තර සංවාද තුලින් මරණ දඬුවම ලබා දෙන්නේද නැද්ද යන්න අවසන් තීන්දුවක් ගත යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
– මාධ්‍ය අංශය

COMMENTS