රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ. අද පස්වරු 4 සිට 7 දක්වා මෙම විවාදය පැවැත්වීමට තී...
රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ.
අද පස්වරු 4 සිට 7 දක්වා මෙම විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර උණුසුම් වාග් හුවමාරුවක් ඇති විය. දත් ගලවා නැව් ගත්තු නැව්පතියා ආදී දෑ කියමින් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න මහතාට චෝදනා කළේය.
එහිදී විමල් විරවංශ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ජනාධිපතිවරණය පාව්චි කළා දිමූ ජයරත්න අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න. දැන් පළාත් පාලන මැතිවරණයෙදි පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. එජාපය විපක්ෂයේ ඉන්දි දිනපු තැනුත් මේ පාර පරාදයි. පොළොන්නරුවත් පරාදයි. පළමු වැනියා ගත්තු ගණනට වඩා දෙක, තුන, හතර ගත්තු අය ගත්ත ගණන වැඩියිලු. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජයේ හෙළුව වහගන්න එපා.”
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ඔය තනතුරුවලට ඔබට ඉන්න බෑ. ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ. මේ ආණ්ඩුවට මෙහෙම යන්න කිසිම අයිතියක් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ජනවරමක් නැති ආණ්ඩුවකට රට ගැන තීරණය ගන්න අයිතියක් නෑ. අද රුපියල කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා. තමුන්නාසේලා කාලා ඉවරවුණාම මේ රට බේරගන්න අමාරුයි. පවු නොදී තවදුරටත් වාචාලකං කියවන්නේ නැතිව කරුණාකරලා අඩුගණනේ ඇඳිවතවත් බේරාගෙන යන්න පුළුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS