වත්මන් ආණ්ඩුව කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල...
වත්මන් ආණ්ඩුව කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දැන් අද වෙන කොට මාසයකුත් දවස් 19කුත් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට ජාතික ආණ්ඩුව පත් වෙලා තියෙනවා. 30කට ආසන්න ඇමතිවරුන්, රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවක් ඉන්නවා ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්. ආණ්ඩුවේ සියලු පාර්ශවවලට කියන්නේ රට මේ ව්‍යාකූල තත්වයට තල්ලු වෙන්න දෙන්න එපා.”
COMMENTS