ම රණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට රජය සහ තම පක්ෂය විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් තමා ජනාධිපතිවරයාගේ තීරණයට එක හෙළා කැමැ...
මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට රජය සහ තම පක්ෂය විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් තමා ජනාධිපතිවරයාගේ තීරණයට එක හෙළා කැමැත්ත ප‍්‍රකාශ කර සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ප‍්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සහ ළමා දූෂිතයන්ට අනිවාර්යයෙන්ම මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි තමා පුද්ගලිකව විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.
සිංගප්පූරුව, චීනය සහ ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල් මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන බවත් ඇමරිකාවේ ප‍්‍රාන්ත පනහකින් ප‍්‍රාන්ත හතලිස් හයකම එය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා සිය අනුමැතිය ලබා දී ඇතැයි ද රාමනායක මහතා සඳහන් කර සිටියේය.
මරණ දඩුවම කි‍්‍රයාත්මකව ඇති රටවල අපරාධ අඩුවී ඇති දැයි මෙරට ඇතැමුන් ප‍්‍රශ්න කර සිටියත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කර ඇති රටවල් ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව සොයා බැලීමට ඔවුන් මේ දක්වා කටයුතු කර තිබෙනවා දැයි තමන් ප‍්‍රශ්න කර සිටින බවද කීවේය.
මෙරට මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතු බව මුලින්ම ගෙන අවේ තමන් බවත් ඒ අවස්ථාවේ එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ දූෂණයට ලක් කර ඝාතනය කර දැමූ මෙරට දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දීමට බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කියා සිටියේය.
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඉතාමත් සාධාරණ බවත් ඉකුත් කාල සමයේදී පිලිපීනය බලා ගිය ජනාධිපතිවරයා එරට ජනපති රොඞ්රිගූ ගුටරේට් මහතාගෙන් මේ සම්බන්ධයෙන් වැඩි යමක් දැනගෙන එන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද කීවේය.
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේදී හෙරොයින් ලෝලීන් එල්ලා මැරීම නොකළ යුතු බවත් එල්ලා මරා දැමිය යුත්තේ මෙරටට හෙරොයින් ගෙන එන මුදලාලිලා බවද කී රාජ්‍ය ඇමැතිවරයා මේ යෝජනාවට බොහෝ දෙනෙකු තමාට දොස් පැවරිය හැකි වූවත් තමා සැමවිටම අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී නොසිටින බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අවධාරණය කළේය.
– divaina

COMMENTS