අමාත්‍යංශයකට විරුද්ධව ජනාධිපති කොමිසම් පත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ර...
අමාත්‍යංශයකට විරුද්ධව ජනාධිපති කොමිසම් පත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ කළ බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයෙක්, කොමිසමක් පත් කරනු ලබන්නේ රජයකට විරුද්ධව මිස අමාත්‍යංශ වලට විරුද්ධව ජනාධිපති කොමිෂන් පත් කිරීම සිදු කරනු ලබන්නේ කෙසේද යන්න එහිදී විමසා සිටි බවත් ඔහු පැවසීය.
දේශපාලන පක්ෂයක අතකොලුවක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට පත්ව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා සමඟින් සිදු කරනු ලබන හමුවීම් වල ප්‍රකාශ මෙසේ අසත්‍යව සිදු කරන බවත් පැවසීය.
එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයෙකු කවදා හෝ අමාත්‍යවරයෙකු වීමේ අරමුණින් සිටින බවද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එලෙසින් අරමුණක් සහිතව ඇත්තේ අනුරුද්ධ පාදෙනිය මහතා හට වන බවත් පැවසීය.
COMMENTS