මාධ්‍ය මඟින් මෙම පහරදීම සම්බන්ධ වීඩියෝ පට විකාශය වීමත් සමඟ මහත් ආන්දෝලනයට ලක් වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම මඟින් විම...
මාධ්‍ය මඟින් මෙම පහරදීම සම්බන්ධ වීඩියෝ පට විකාශය වීමත් සමඟ මහත් ආන්දෝලනයට ලක් වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම මඟින් විමර්ශනයක් සිදු කෙරෙන හෙයින් අද ඔහුව කොමිසම හමුවට කැඳවා ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණාත්මක පියවරක් ගෙන නොමැති අතර සහකාර පොලිස් අධිකාරීවරයා මාතර කොට්ටාශය වෙත මාරුකර යැවීම පමණක් සිදු කර තිබේ. පොලිස් කොමිසම මඟින් මේ සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව දන්වා තිබුණ ද ඒ පිළිබඳව ඉදිරි තොරතුරු කිසිවක් මේ වන තෙක් වාර්තා වී නැත.
- රංජිත් නිශාන්ත
COMMENTS