සිංහල ස්වාමිපුරුෂයකු විවාහ කරගැනීම හේතුවෙන් සිය සමාජයේ තාඩන පීඩන හා කරදරයන්ට මුහුණ දුන් බණ්ඩාරගම අටලූගම මුස්ලිම් ජාතික කාන්තාවගේ හෙළිදරව් ක...
දුරකථන මාර්ගයෙන් සහ තවත් නොයෙකුත් ක‍්‍රම මගින් එවැනි ආකාරයේ සිදුවීම් රටේ හතර දෙසින් දිගටම සිය සංවිධානයට ලැබෙමින් ඇති බවත් උන්වහන්සේ පැවැසූහ.
අටලූගම මුස්ලිම් කාන්තාව මාධ්‍ය ඉදිරියේ නොබියව පෙනී සිටීම එවන් පීඩනයන්ට මුහුණ දුන් අනෙකුත් කාන්තාවන්ට විශාල උත්තේජනයක් වී ඇති බව පැවසූ ඥානසාර හිමියෝ මෙවැනි ආකාරයේ හෙළි කිරීම් රැසක් ඉදිරියේදී සිදු කරන බවද කීහ.
ඉහත කාන්තාව සිදුකළ හෙළි කිරීමෙන් නිරුවත් වූ බොහෝ පාර්ශ්වයන් කලබලයට පත්ව ඇති බවත්, එහෙයින් අදාළ කාන්තාවට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල කිරීමට පෙළඹී ඇති බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ.

COMMENTS