තැපැල් ඡන්දය සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය ලකුණු නොකළ පුද්ගලයින්ගෙන් රුපියල් 750ක මුදලක් අය කර...
තැපැල් ඡන්දය සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය ලකුණු නොකළ පුද්ගලයින්ගෙන් රුපියල් 750ක මුදලක් අය කර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම තැපැල් ඡන්දය භාවිත නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසන බවද දේශප්‍රිය මහතා පැවසුවේ පෙරේදා (01) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 750ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාව වියදම් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම් කළ පිරිසෙන් බොහොමයක් තැපැල් ඡන්දය භාවිත කර නොමැති බැවින් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ආරක්ෂක අංශ තැපැල් ඡන්ද භාවිත කිරීම් සතුටුදායක මට්ටමක පවතින බවත්, අනිකුත් ක්ෂේත්‍ර තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම සතුටුදායක නොඅවන බවත් ඔහු පැවසීය.
එමෙන්ම තැපැල් ඡන්ද සැලුණු කළ ඡන්ද පත්‍රිකා ඉතා සුරක්ෂිතව සීල් තබා ඇති බවත් ඡන්ද ගණන් කිරීම සිදු කරන තුරු ඒවා ගණන් නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS