ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ යුතු වන්නේ රට ගොඩනැගීමට හැකි පුද්ගලයෙකු මිස මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයෙකු නොවන බව පාර්ලිමේන්තු මන...
ඒ අනුව රට ගොඩනැගිය හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් 'හොම්බෙන් යන තත්ත්වයට' පක්ෂය වැටෙන බවත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.
මේ වනවිට සාමාන්‍ය පෙළ පවා අසමත් පුද්ගලයන් රැසක් මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කරන බවත් එවැනි තත්වයක් තුළ රටට යන කලදසාව සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති බවත් ඔහු පවසයි. මෙ වනවිටත් සාමාන්‍ය පෙළ අසමත් 70 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී රටට සුදුසු, උගත්කමින් සපිරි පුද්ගලයෙකු නායකත්වයට පත්කර ගැනීම ජනතාවගේ වගකීම බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ.
COMMENTS